Header Ads

කොළඹ නගරයේ අහිගුණ්ඨිකයෙකුගේ දෛනික ආදායම රුපියල් 10,000 යි

නගරයේ යාචකයකුගේ දෛනික ආදායම රුපියල් 6000ක් පමණ වන බව සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා. ඔබ දන්නවද මේ දිනවල යාචකයින්ටත් වැඩිය දෛනික ආදායමක් උපයන තවත්
පිරිසක් ඉන්නව කියල. ඒ තමයි අහිගුණ්ඨික ජනතාව.



ඔවුන්ගේ දෛයිනික ආදායම රුපියල් 10,000 පමණ වන බැව් අප අප සමග කතාබහ කළ ඇරගෙඩ්ඩා නැමැති අහිකුන්ටික කාන්තාවක් පැවසුවා.




‘මේ රස්සාව දැන් අපේ පරම්පරාවේ කට්ටිය කරනවා අඩුයි. අපි නම් තාමත් කරගෙන යනවා. සාත්තර වලට අමතරව අපි ලඟ තියෙනවා නරි අඟවල් හා නරි ඔලූ. මේවා මිනිස්සු ගන්නවා. දියුනුවට හොදයි කියලයි අපි මේවා විකුනන්නේ.නරි අඟක් රුපියල් 8000 ට විකුනනවා. නරි ඔලූත් එක එක ගනන්වලට විකුනනවා.




අපේ අලූත් පරම්පරාවේ අය ඉන්නවා හොදට ඉංග‍්‍රිසි කතාකරන. ඒ අය සුද්දන්ට සාත්තර කියලා දවසකට ලොකු ගානක් හොයනවා. ඒ අලූත් පරම්පරාවේ අය.මේක අපේ රස්සාව. ඉන්දියාවේ ඉදන් එන සන්නාසි අම්මලා තමයි අපිට මේ නරි අඟවල් ගෙනත් දෙන්නේ.’’ඇය අපත් සමග පැවසුවා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.