Header Ads

එංගලන්තයට වඩා ලකුණු 122ක් පිටුපසින් සිටියදී ශ්‍රී ලංකා පළමු ඉනිම අවසන් වෙයි

එංගලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය පළමු ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 453ක් ලබා ගත්තේය.
ඒ, එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලබා ගත්
ලකුණු 575ට පිළිතුරු වශයෙනි. ඒ අනුව එංගලන්තය ශ්‍රී ලංකාවට වඩා ලකුණු 122ක් ඉදිරියෙන් සිටී.
ලෝඩ්ස් පිටියේ පැවැත්වෙන තරගයේ සිව්වන දිනයට තරගය අද ආරම්භ කරන විට ශ්‍රී ලංකාව කඩුලු 7කට ලකුණු 415ක් ලබා සිටියේය.
දිනයේ පළමු කඩුල්ල ලෙස රංගන හේරත් ලකුණු 2කට දැවී ගියේය.
නායක ඇන්ජලෝ මැතිව්ස් අද සිය 3වන එක්දින ටෙස්ට් ශතකය ලබා ගැනීමට සමත් විය. එය ඔහු ලෝඩ්ස් පිටියේදී ලබා ගත් මංගල ටෙස්ට් ශතකය වේ.
මැතිව්ස් ලකුණු 102ක් ලබා ගත්තේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කුමාර් සංගක්කාර ලකුණු 147ක් ලබා ගැනීමට සමත් විය.
කෞෂාල් සිල්වා ලකුණු 63ක් ලබා ගත් අතර මහේල ජයවර්ධන ලබාගත් ලකුණු ගණන 55කි.
ජේම්ස් ඇන්ඩර්සන් සහ ක්‍රිස් ජෝර්ඩ්න් අතර කඩුලු 3 බැගින් බෙදී ගියේය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.