Header Ads

පා පාන්දු ලෝක ශූරයින්ට දැවැන්ත පරාජයක්

ලෝක ශූර ස්පාඤ්ඤය හා අනුශූරයන් වූ නෙදර්ලන්තය අද (14) එල් සැල්ව‍දෝරයේ දී පැවති තරගයේදී ස්පාඤ්ඤය පරාජයට පත් විය.
මෙය වසර 41කට පසුව
ලෝක කුසලාන පාපන්දු තරගාවලියකදී ලැබූ ස්පාඤ්ඤය ලැබූ දරුණුම පරාජය බව වාර්තා වෙයි.
‘ඒ’ කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මීට කාගේත් වැඩි අවධානය යොමුවුයේ, ප්‍රබල ක්‍රීඩකයන් රැසක් ක්‍රීඩා කිරීම හේතුවෙනි.
පළමු අර්ධයේ 27 වැනි මිනිත්තුවේදී ස්පාඤ්ඤයේ ක්සැවි අලෝන්සෝ දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් තරගයේ පෙරමුණ තහවුරු කර ගත්තේ ය.
කෙසේ වෙතත් පළමු අර්ධය අවසන් වීමට මිනිත්තුවක් තිබියදී නෙදර්ලන්ත නායක රොබින් වෑන් පර්සි හිසෙන් එල්ල කළ අනගි ගෝලය හේතුවෙන් එම අර්ධය අවසන් වූයේ, දෙපිළට ම එක් ගෝලය බැගින් හිමිකර දෙමිනි.
දෙවැනි අර්ධයේ දී සුපුරුදු ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව දියත් කළ නෙදර්ලන්ත ක්‍රීඩකයින් තව ත් ගෝල 4ක් වාර්තා කළේ ය.
ආර්ජෙන් රොබන් නෙදර්ලන්තය වෙනුවෙන් දෙවැනි ගෝලය 53 වැනි මිනිත්තුවේදී වාර්තා කළ අතර සිය පළමු ජාත්‍යන්තර ගෝලය ස්ටෙෆන් ඩි ව්‍රේ විසින් වාර්තා කරනු ලැබුවේ 65 වැනි මිනිත්තුවේදී ය.
රොබින් වෑන් පර්සි නැවතත් 72 මිනිත්තුවේදී සිය දෙවැනි ගෝලය වාර්තා කළ අතර තරගයේ පස් වැනි ගෝලය ලෙස නෙදර්ලන්තයේ ආර්ජෙන් රොබන් සිය දෙවැනි ගෝලය 80 වැනි මිනිත්තුවේදී වාර්තා කළේ ය.
නෙදර්ලන්තයට ජය හිමි වුයේ, ගෝල 5ට 1ක් ලෙස යි.
ස්පාඤ්ඤ කණ්ඩායමක් ලෝක කුසලාන පාපන්දු තරගාවලියකදී මෙවැනි දැවැන්ත ගෝල සංඛ්‍යාවකින් පරාජය වූයේ, 1963 වසරින් පසුව ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.