Header Ads

අලුත්ගම කාණුවකින් පෙට්‍රල් බෝම්බ 54 ක්‌ සොයා ගනී


ප්‍රහාරයකට සූදානම් කර තිබූ බවට සැකකරන පෙට්‍රල් බෝම්බ 54 ක්‌ ඊයේ (18 වැනිදා) දහවල් අලුත්ගම දර්ගානගරය පිටුපස පාරේ කාණුවක සඟවා තිබියදී
යුද හමුදාව සහ පොලිසිය විසින් සොයාගෙන ඇත.




ගිනිතබා විනාශ කරන ලද යුනයිටඩ් ලී වෙළෙඳසල ආසන්නයේ විශේෂ සෝදිසි මෙහෙයුමක යෙදී සිටි විශේෂ පොලිස්‌ හා හමුදා කණ්‌ඩායමක්‌ විසින් මෙම පෙට්‍රල් බෝම්බ සොයා ගෙන ඇති අතර ඒවා වැඩිදුර පරීක්‍ෂණ සඳහා අලුත්ගම පොලිසියට භාරදී ඇත.



මෙම සිද්ධිය පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා අලුත්ගම පොලිසිය විසින් 8 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයිද වාර්තා වේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.