Header Ads

වටරැක විජිත හිමියන්ගේ පැමිණිල්ල බොරුවක්

තුවාල සිදු කරගෙන තිබෙන්නේ ස්වාමීන් වහන්සේ විසින්මයි. තමන් වහන්සේ පැහැරගෙන ගොස් පහර දුන් බවට පූජ්‍ය වටරැක විජිත හිමියන් කළ පැමිණිල්ල සාවද්‍ය එකක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ, අද පැවති මාධ්‍ය හමුවකදීය. 

ඥාති සහෝදරයාගෙන් අහපු වෙලාවේ ඔහු පිළිගත්තා, ස්වාමින් වහන්සේගේ ඉල්ලීම මත, මේ ආකාරයට තමාගේ වෑන් රථයෙන්, පාන්දුර 2.30 ට රැගෙන ගොස්, මේ ස්ථානයට දැමූ බව, ඒ වාගේම මේ තුවාල සම්බන්ධව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන් මහතා ඇතුළු සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරින්වරු දෙදෙනෙක්, නිරීක්ෂණ පැවැත්වූවා ඒ නිරික්ෂණවලින් අනාවරණය වෙලා තියෙනවා මේවා සෙල්ෆ් ඉන්ෆෙක්ට ඉන්ජරිස් එහෙම
නැත්නම් තමා විසින්ම සිදුකරගත්, තුවාල බවට දැන් හෙළිවෙලා තියෙනවා, මේ උන්වහන්සේගේ අතේ තිබුණු යතුරු කැරැල්ලකින් තමයි, මේ තුවාල සිදුකරගෙන තියෙන්නේ කියලා. උන්වහන්සේගේ ප්‍රකාශයේ කියවෙච්ච කිසිම ආකාරයේ වාහනයක් ගමන් කරලා නැහැ, ඒ වෑන් රථය අපි සී.සී.ඩී. එකේ එහෙම නැත්නම් කොළඹ අපරාධ කොට්ඨාසය භාරයට ගත්තා, ඒ වෑන් රථය මේ ස්ථානයේ තියෙනවා.


අද පැවති මාධ්‍ය හමුව අවසානයේ උන්වහන්සේ ගමන් ගත් බවට පැවසෙන වාහනයේ ද දර්ශන ලබාගැනීමට ඉඩ ලබා දුන්නේය.

මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී පූජ්‍ය වටරැක විජිත හිමියන් බණ්ඩාරගම ප්‍රදේශයේ මාර්ගයක් අසල වැටී සිටියදී පසුගිය බ්‍රහස්පතින්දා උදෑසන සොයා ගැනිණ.
උන්වහන්සේ තවමත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඥානසාර හිමි වටරැක විජිත යන පිස්සු චරිතය පිළිබඳව තමන්වහන්සේට කිසිදු දෙයක් ප්‍රකාශ කිරීමට අවශ්‍යතාවක් නොමැති බවත්, මේ සිදුවීමට තමන් හෝ තම සංවිධානයේ කිසිවකුගේ සම්බන්ධතාවක් නොමැති බවත් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

අලුත්ගම සිද්ධියට හා මේ පහරදීමට අෑදා ගනිමින් තමන්වහන්සේ නීතිමය තත්ත්වයකට වට කිරීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව උන්වහන්සේ පැවැසූහ.

බොදු බල සේනා සංවිධානය අපහසුතාවට පත් කරමින් වටරැක විජිත නමැති නාටකය තවදුරටත් ක්‍රියාත්මක වන්නේ එම කුමන්ත්‍රණයේ කොටසක් ලෙස පැවැසූ උන්වහන්සේ තමන් අත්අඩංගුවට ගෙන බොදු බල සේනා සංවිධානයේ ඉදිරි වැඩපිළිවෙළ අඩාල කිරීමට යම් පිරිසක් උත්සාහ දරන බව කීහ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.