Header Ads

අලුත්ගම සිද්ධිය පිටුපස ඉන්නේ මුස්ලිම් අන්තවාදීන්

අලූත්ගම සහ බේරුවල ඉකුත් දා ඇති වු නොසන්සුන්තාවන් පිටුපස සිටින්නේ මුස්ලිම් අන්තවාදීන් බව ජාතික හෙළ උරුමය පවසනවා. එහි මහලේකම් අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා
කොළඹ අද පැවැත්වු මාධ්‍ය හමුවක දී කියා සිටියේ ජාතිවාදී අරගලයක් නිර්මාණය කිරීම එම අන්තවාදීන්ගේ උත්සහය වී ඇති බවයි.

“මේක ජාතික ජාත්‍යන්තර වශයෙන් මුස්ලිම් ජනයා බියවද්දලා සිංහල සමාජයෙන් හා අනෙකුත් සමාජයෙන් වෙන්කර දීමේ අන්තවාදී කල්ලියක වැඩ පිළිවෙලක්….. අපි මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලනවා බොරු වීරයින්ට අහුවෙන්න එපා කියලා….

ඔහොම තමයි එදා සම්බන්ධන් කිවුවේ 1977 ජූලි 23 වෙනිදා පවත්වපු මැතිවරණයෙදි යෝගේෂ්වරම් සම්බන්ධන් 5000 ක ශක්තිමත් දෙමළ හමුදාවක් ඉන්නවානම් සිංහලයින් යටත් කිරීම ප‍්‍රශ්නයක් නෙවෙයි කියලා කිවුවේ….  මොකද වුණේ අවුරුදු 30 ට පස්සේ එයාලා ඒ අන්තවාදයේ ගොදුරුබවට පත්වුණා…. අද මේ මොර දෙන කල්ලි සියල්ල කරන්නේ මොකක්ද ජිහාඞ් අංකුර මේ සමාජයේ ඇති කිරීමයි……
මුස්ලිම් අයිතීන් වෙනුවෙන් දැන් හඬ නගන මෙම අන්තවාදීන්ට එල්.ටී.ටී.ඊයේ බියකරු ක‍්‍රියාවලින් මුස්ලිම්වරුන්ට සිදුවු හානි නොපෙනුනේ දැයි ද මෙහිදී ප‍්‍රශ්න කෙරුණා.
ඔය එක මුස්ලිම් අයිතීන් සුරකීමේ සංවිධානයක කිසිම කෙනෙක් අපේ ආරක්ෂක හමුදාවට එකතු වුණේ නැහැ…..එදා බලා හිටියා අපේ ආරක්ෂක හමුදාවට මොකක්ද වෙන්නේ කියලා LTTE යුද්ධයෙදී….  අපි පැරදුනානම් එයාලා ඒ පැත්ත ගන්නවා… අවසානයේ මොකද වුණේ ජීවිත පූජා කරලා පදිංචි කරපු මුලතිව් මාන්නාරම් ප‍්‍රදේශ වලත් අද කලු කොඩි…කාට විරුද්දවද…. ආරක්ෂක අංශවලට විරුද්ධ….. මේකද කෙළෙහෙ ගුණේ…. මේයාලට කල්පිටිය අනාත කඳවුරේ ඉන්නකොට ප‍්‍රභාකරම්ට විරුද්ධව කලු කොඩි උත්සන්න ඔය මුස්ලිම් අයිතිය තිබුණේ නැද්ද….. ”
අලූත්ගම සහ බේරුවල ඇතිවු නොසන්සුන්තා සම්බන්ධයෙන් පළ වු ඇතැම් මාධ්‍ය වාර්තා ද සාධාරණ සහ අපක්‍ෂපාතී නොවු බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. ඇතැම් බලධාරීන් පවා සත්‍යවසන් කළ බව අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා කියා සිටියා.
” අවාසනාවකට රටේ ජනතාව කුපිත වෙයි කියන පසුබිම යටතේ අපේ බළධාරීනුත් සිංහල ජනතාව වෙච්ච හානිය හෙළිකරේ නැහැ…..ඒ වගේම අපේ ජනතාව පවත්වන්න ගිය සාමකාමී උද්ඝෝෂන අද නීති විරෝධී කරලා තියනවා…හැබැයි ජිහාඞ් කල්ලිවලට රටපුරා හර්තාල් පවත්වන්න අවස්ථාව ලබාදීලා තියනවා…. “

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.