Header Ads

මහනුවර මෝටර් රේස් තරගාවලිය අත්හිටුවන්නැයි, මහ නාහිමිගෙන් ඉල්ලීමක්

ලබන 27 සහ 28 දෙදින මහනුවර නගරයේ පැවැත්වීමට නියමිත මෝටර් රථ තරගාවලිය පිළිබදව මහනුවර උරුමය සුරැකීමේ පදනමේ සාමාජිකයින් අද අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපුජ්‍ය උඩුගම ශ්‍රි බුද්ධරක්ඛිත මහ නාහිමියන් දැනුවත් කළේ ය.

එහිදී අදහස් දැක් වූ
මහනාහිමියන් ප්‍රකාශ කළේ, තමන් ද මෙයට විරුද්ධව කථා කළ ද වගකිවයුත්තන් ඒ පිළිබදව කන් නොදුන් බව ය.
දේශපාලනයට සම්බන්ධ පිරිස් ද මෙහි යටි පෙළ සිටින බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

මෙය මෝටර් රේස් පැවැත්වීමට සුදුසු නගරයක් නොවන බව පෙන්වා දුන් අස්ගිරි පාර්ශවයේ මහනායක හිමියන් ඊට සුදුසු ස්ථානයක් යොදා ගන්නැයි, දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලා සිටි බව ද කියා සිටියහ

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.