Header Ads

අලුත්ගම හා බේරුවල ගැන විශේෂ සාකච්ඡාවක්: යළි ගැටලු ඇති නොවීම සඳහා තීරණ රැසක්.

අලුත්ගම හා බේරුවල ප‍්‍රදේශවල පැවති නොසන්සුන්තාව වැනි තත්ත්වයක් ඉදිරියේදී ඇති වීම වැළැක්වීම සඳහා අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද කළුතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ විශේෂ සාකච්ජාවක් පැවැත්විණි.
එහිදී ගැටලු ඇතිවිය හැකි
ස්ථානවලට හා එම ස්ථානයන්ට ප‍්‍රවේශ වීමට හැකි සියලු මාර්ගවල ආරක්ෂක හමුදා ස්ථාන ගත කිරීමට තීරණය කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
එහිදී ගනු ලැබූ සෙසු තීරණ පහත දැක්වේ.
* ශබ්ද විකාශන යන්ත‍්‍ර උපයෝගී කර ගනිමින් සන්සුන් වන ලෙස ප‍්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටීම.
* මෙවැනි ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවල යෙදෙන පිරිස් ගැන සොයා බැලීම හා අවශ්‍ය නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම.
* සුහදතාව වර්ධනය කිරීම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීම.
මේ අතර, අදාළ ප්‍රදේශයේ පැවති නොසන්සුන් තත්ත්වය ආරක්ෂක හමුදා විසින් මේ වන විට පාලනය කර ඇතැයි ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.