Header Ads

බොදු බලෙන් ඉවත් උනේ නැහැ.දර්ගා නගරයේ ගැටුම් අනුමත කරන්නෙත් නැහැ

බොදු බල සේනා සංවිධානයේ ආරම්භක නායකයා වූ කිරම විමලජෝති හිමියන් එම සංවිධානයෙන් ඉවත්ව ඇති බවට පලවන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවට සිදුකල විමසීමකදී උන්වහන්සේ ප්‍රකාශකොට සිටියා. පසුගියදා දර්ගා නගරයේ ඇතිවූ
නොසන්සුන්තාවය පිළිබඳව උන්වහන්සේ පැවසුවේ මෙවැන්නකි.
ඔබ වහන්සේ බොදු බල සේනා සංවිධානයෙන් ඉවත් වුවා කියන්නේ ඇත්තද?
“මගෙන් කව්රුත් ඇහුවෙත් නැහැ. මම කාටවත් කිව්වෙත් නැහැ. බොදු බල සේනා ක්‍රියාකාරීත්වයෙන් මාස හයක ඉදන් මම ඈත් වෙලා ඉන්නවා..ඒ මගේ කාර්ය බහුලත්වය නිසා”
පසුගියදා දර්ගා නගරයේ ඇතිවූ ගැටුම සම්බන්ධව ඔබ වහන්සේගේ මතය?
“මම දැනගෙන හිටියේ නැහැ ඔහොම රැස්වීමක් තියනවා කියලා…. නමුත් මම කලින් දැනගෙන හිටියා ධර්ම දේශනාවකට යනකොට පොසොන් පොහෝදවසේ හාමුදුරු නමකට හා රියදුරුට පහරදුන් බව…. ඒ නිසා දර්ගා නගරය ආශ්‍රිතව ඔය කණ්ඩායම් කිහිපයක් එකතුවෙලා එවැනි රැස්වීම් සංවිධානය කිරීම මමනම් අනුමත කරන්නේ නැහැ….
අනිවාර්යෙන්ම ඒ අය දැනගන්න ඕනි දැන මෙතනට දහස් ගනනක් සෙනග එයි… ඒගොල්ලන්ගෙම කෙනෙක් ඒගොල්ලන්ගෙම හෙදරකට ගලකින් ගහලා මේවගේ තත්වයක් ඇතිවෙන්න පුළුවන්…මේක හොද නැහැ මේ ස්ථානයේ කරන්න… අපි වෙනත් තැනක ඕනි කරන්න කියලා එහෙම තීරණයකට එනවා මිස මේ උණුසුම යන්න ඉස්සල්ලා මේවැනි රැස්වීමක් කැදවලා මෙවැනි පිරිසක් එක්වීම මම ඉතාම වැරදි ක්‍රියාවක් හැටියට දකිනවා…. ඒකෙ ප්‍රති්‍ඵල ඉතාම පැහැදිලියි…. අහින්සක මිනිසුන්ගෙ ගෙවල් ගිනිතියලා…. පන්සල් ගිනි තියලා… මිනිස්සු මැරිලා තුවාල වෙලා… සංවිධානය කරපු මිනිස්සුන්ට මොළය තියෙන්න ඕනි මෙවැනි දෙයක් නොකරන්න…
බොදුබලසේනා සංවිධානය විතරක් නෙවෙයි ඒ තීරණය අරන් තියෙන්නේ… සංවිධාන ගොඩක් එකතුවෙලා මට ආරංචි විදිහට… බොදුබල සංවිධානය විසින් එතන දේශනයකට එක්කෙනෙකුට දෙන්නෙකුට ආරාධනා කරලා තියනවා… සංවිධානය කරලා තියෙන්නෙ වෙනත් පිරිසක්….

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.