Header Ads

සාරිය අඳින්න බිරිඳට බල කළ සැමියා දික්කසාද වෙන්න හිතිලා

සාරිය අඳින්නට යැයි බල කරමින් කුර්තා හා කලිසම ඇඳීම කාන්තාවන්ට ප‍්‍රතික්ෂේප කිරීම කෲරත්වයට පත්කිරීමත් හා
දික්කසාදය දක්වා ගෙන යන කරුණක් බවට ඉන්දීය අධිකරණයක් පෙන්වා දී තිබේ.

2010 වසරේ දෙසැම්බර් මාසයේදී විවාහ වූ ඉන්දීය කාන්තාවකට සිය සැමියා ඇදුම් පැළදුම් කිසිවක් ගෙන නොදෙන බැවින් ඇය මාසිකව උපයන වැටුපට සරිලන අයුරින් කුර්තා හා කලිසම භාවිත කර ඇත.
එම ඇදුමට එරෙහි වන සැමියා සාරිය පමණක් අදින්නට යැයි පවසමින් දිනපතා ඇය සම`ග ආරවුල් හා බහින්බස්වීම් ඇති කරගත් බව ඇය පොලිසියට පැමිණිලි කර තිබේ.
කලක් ගතවෙද්දී ආරවුල් දුරදිග යාම හේතුවෙන් සැමියාගේ හිංසා පීඩා ඉවසිය නොහැකිව ඇය දික්කසාද නඩුවක් ගොනු කර ඇත.
ඉන්දීය ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ විශේෂ විවාහ පනතේ 1954 27 (1) (ඩී) වගන්තිය යටතේ මෙම දික්කසාද නඩුව ගොනු කර ඇතැයි සදහන් වේ.
කෙසේවෙතත් සැමියාගෙන් මසකට ඉන්දීය රුපියල් 5000 බැගින් වූ මුදලක් බිරි`දට නඩු කටයුතු ස`දහා ගෙවන ලෙස ද මෙහිදී අධිකරණය නියෝග කර තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.