Header Ads

අතුරුදන් මැලේසියානු ගුවන් යානයේ ප්‍රධාන නියමුවා පිළිබඳ නවත ම හෙළිදරව්වක්

MH370 මැලේසියානු ගුවන් යානයේ අතුරුදන් වීම සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවන මැලේසියානු පොලීසිය ඒ සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු හඳුනා ගෙන තිබේ.
විමර්ශකයින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ,
යානය මෙහෙය වූ ප්‍රධාන නියමුවා  එහි අතුරුදන් වීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ලෙස හඳුනා ගෙන ඇති බව ය.
53 හැවිරිදි තිදරු පියෙකු වූ සහරේ අහමඩ් ෂා MH370 ගුවන් යානය මෙහෙය වූ ප්‍රධාන නියමුවා ය.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, අහමඩ් ෂාට යානයේ අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයින් මෙන් ඉදිරි ගුවන් ගමන් හෝ පුහුණු සැසි ආදි රැකියාවට අදාළ ඉදිරි සැලසුම් කිසිවක් තිබී නොමැති බව ය.
ඊට අමතරව ඔහුට පෞද්ගලික ජීවිතයට අදාළව සහ සාමාජමය වශයෙන් ද ඉදිරි වගකීම් කිසිවක් තිබී ඇති බවට කරුණු අනාවරණය වී නොමැත.
ගුවන් යානය අතුරුදන් වූ බවට සැකකෙරෙන ප්‍රදේශයේ මීට පෙර මොහු පුහුණු සැසියක් සඳහා සහභාගී වී තිබීම ඔහු පිළිබඳ සැකය ත්‍රීවු වීමට තව ත් හේතුවක් වී තිබේ.
යානයේ අතුරුදන් වීම සම්බන්ධයෙන් අහමඩ් ෂා දෙස විමර්ශක අවධානය යොමු වූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ.
පුද්ගලයින් 239 දෙනෙකු සමග මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං දක්වා පියාසර කරමින් තිබූ MH370 යානය අතුරුදන් වූයේ පසුගිය මාර්තු 8 වන දා ය.
යානය ඉන්දියන් සාගරයට කඩා වැටුණු බවට එළැඹි නිගමනය ඔස්සේ යමින් විශාල මුදලක් වැය කරමින් රටවල් රැසක දායකත්වයෙන් අති දැවැන්ත මෙහෙයුමක් දියත් කළ ද සැබවින් ම යානයට සිදු  වූයේ කුමක් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
අතුරුදන් ගුවන් යානයේ නියමුවන් යානය අතුරුදන් වීමට ප්‍රථම අවසන් වරට ප්‍රධාන පාලක මැදිරියට කී අවසන් වචන කිහිපය වූයේ,  ‘All right, good night’  යන්න යි.
විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ, එම සංවාදයට මද වේලාවකට පසුව යානය රේඩාර් පද්ධතියෙන් ගිලිහී ගොස් ඇති බව ය.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.