Header Ads

ජැක්ලින් ගැන සල්මන් ගෙන් අනාවැකියක්

ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළියක වන ජැක්ලින් ෆර්නැන්ඩස්, 70 දශකයේ සුපිරි නිළියක වූ සීනාට් අමන් (Zeenat Aman) හිමි කරගත් ස්ථානයට පත් වනු ඇතැයි බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන් පවසා තිබේ.
ඔහු මේ බව පවසා ඇත්තේ, සල්මන් සහ ජැක්ලින් රංගනයෙන් දායක වූ Kick චිත්‍රපටයේ
පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වීමේ අවස්ථාවේදී ය.
“මම ගොඩක් ආදරය කරපු නිළියක් තමයි සීනාට් අමන් කියන්නෙ. මං හිතන්නෙ ජැක්ලින්, සීනාට් අමන්ගේ ස්ථානයට පත් වෙයි කියල” සල්මන් ඛාන් ජැක්ලින් වර්ණනා කළේ එසේ ය.
හින්දි භාෂාව ඉගෙන ගැනීම සඳහා මහත් වෙහෙසක් දරන ජැක්ලින්ට සල්මන් ඛාන්ගෙන් ඒ සඳහා විශාල සහයක් ලැබී තිබේ.
සල්මන් ඛාන් පැවසුවේ, තමන් ඇයට Kick චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර හින්දි භාෂාව ඉගැන්වූ බවත්, නුදුරු අනාගතයේ ඇය හින්දි භාෂාව චතුර ලෙස කතා කරනු ඇති බවත් ය.
සල්මන් ඛාන් යනු නවකයින්ට විශාල ලෙස උපකාර කරන්නෙකු ලෙස ප්‍රකට වූ අයෙකි.





No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.