Header Ads

වටරැක විජිත හිමියන් රක්ෂිත බන්ධනාගාරයට

පූජ්‍ය වටරැක විජිත හිමියන් අත්අඩංගුවට ගෙන තිබේ.
මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී පූජ්‍ය වටරැක විජිත හිමියන් බණ්ඩාරගම ප්‍රදේශයේ මාර්ගයක් අසල වැටී සිටියදී
පසුගිය දිනක උදෑසන සොයා ගත් අතර උන්වහන්සේ පසුව පැමිණිලි කර තිබුණේ, තමන් වහන්සේ පැහැරගෙන ගොස් පහර දුන් බව ය.
එහෙත් පසුව පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසු‍වේ,  පූජ්‍ය වටරැක විජිත හිමියන් කළ පැමිණිල්ල සාවද්‍ය එකක් බව විමර්ශනවලදී අනාවරණය වූ බව ය.
මේ අතර පූජ්‍ය වටරැක විජිත හිමියන්කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට අද ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ ය.
පොලිසියට අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවට සැකපිට අත්අඩංගුවට පත් වටරැක විජිත හිමියන් ලබන මස 2 වැනි දා දක්වා රක්ෂිත බන්ධණාගාරගත කර තිබේ.
ඒ උන්වහන්සේ අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ය.
අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී වටරැක විජිත හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ, උන්වහන්සේට ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව සලසන ලෙස ය.
බන්ධනාගාර රෝහලෙන් විජිත හිමියන්ට ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන ලෙස එහිදී මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේ ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.