Header Ads

මංගල ගැන පොලිස් විමර්ශනයක් ඇරැඹේ


රාජ්‍ය බුද්ධි අංශ පිළිබඳව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මංගල සමරවීර මහතා සිදුකර ඇති ප්‍රකාශ පිළිබඳව විමර්ශනයක් සිදුකිරීමට කටයුතු යොදා ඇති බව පොලිසිය පවසයි. ඒ සඳහා විමර්ශන කණ්ඩායමක් පත්කිරීමට නියමිතය.


ඊයේ පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කෙළේ ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයෙන් පසු ඊළඟ පියවර ගන්නා බවත්, ඒ පිළිබඳ නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගැනීමට පියවර ගන්නා බවත්ය.



මේ රටේ ආරක්‍ෂාව සම්බන්ධ ත්‍රිවිධ හමුදාව පිළිබඳ යම් තොරතුරු හෙළිකිරීම වරදක් වන අතර 1955 අංක 32 රාජ්‍ය රහස් පනත යටතේ නීතිමය තත්ත්වය පැහැදිලි කර දී ඇති බවත්, සමරවීර මහතාගේ ප්‍රකාශය පිළිබඳව විවිධ මාධ්‍ය ඔස්සේ ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කිරීමේ හැකියාව ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.