Header Ads

ඕස්ට්‍රේලියාවේ ලාංකික දොස්තර බිරිය විසින් කපා කොටා මරා දමලා

ඕස්ට්‍රේලියාවේ පදිංචි 34 හැවිරිදි දිනේන්ද්‍ර අතුකෝරල නමැති ශ්‍රී ලාංකික දොස්තර වරයෙකු පසුගිය අ`ගහරුවාදා එරටදී ඝාතනයට ලක්වී තිඛෙනවා.


බටහිර ඕස්ටේ්‍රලියාවේ ජෙරල්ඩීන් නගරයේ පිහිටි ඔහුගේ
නිවසේ ඇතුළත තිබී වෛද්‍යවරයාගේ මළ සිරුර හමුව තිබුණ අතර පොලිසිය සිදු කළ විමර්ශන අනුව නිවසේ ඇතිවූ ප්‍රශ්නයක් මත මෙම ඝාතනය ඔහුගේ ශ්‍රී ලාංකික වෛද්‍ය බිරිය විසින් සිදු කරන්නට ඇතැයි සැක කරනවා.

වෛද්‍ය දිනේන්ද්‍ර අතුකෝරල වසරක කාලයක පමණ සිට ඕස්ටේ්‍රලියාවේ ජෙරල්ඩීන් රෝහලේ නේවාසික වෛද්‍යවරයෙකු වශයෙන් සේවයේ යෙදී සිට ඇති අතර මෙම ඝාතනයට සැකකරන ඔහුගේ බිරිය වන 34 හැවිරිදි චමරි රසිකා ලියනගේද වෛද්‍යවරියක ලෙස සේවයේ යෙදී ඇත.

කැපුම් තුවාල සහිතව ඔහුගේ නිවසේ වැටී සිටියදී ජූනි 24 වන දා රෝහල්ගත කෙරුණු එම වෛද්‍යවරයා රෝහල් ගත කරනවිටත් මියගොස් තිබුණා.

අසල්වාසීන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මේ දෙදෙනා අතර නිරන්තරයෙන්ම ආරවුල් පැවති බවට සාක්ෂි ලැබී තිබුණා. සැමියා ඝාතනය කළ බවට වෛද්‍ය චමරි රසිකා ලියනගේ සැකයට භාජනය වූයේ ඉන් අනතුරුවයි. පොලීසිය විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබ අද අධිකරණයට ඉදිරිපත් කළ අතර ඇයට ඇප ලැබුනේ නැත.

මියගිය වෛද්‍යවරයාගේ දෙමාපියන් ශ්‍රී ලංකාවේ වෙසෙන අතර හදිසි මරණය ගැන දැනටමත් දැනුම්දී ඇත.

ජෙරල්ඩීන් රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා මියගිය දිනේන්ද්‍ර අතුකෝරල වෛද්‍යවරයා ගැන සඳහන් කර ඇත්තේ ඉතාම කාර්යක්ෂම පුද්ගලයෙකුවූ මේ ශ්‍රී ලාංකිකයාගේ ඝාතනය ඔවුන්ට විශ්වාස කරන්නට අපහසු දෙයක් බවත් කාර්ය මණ්ඩලය එය අසා කම්පනයට පත්ව ඇති බවත්ය.

වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.