Header Ads

බිරිඳගේ අනුබල දීමෙන් දැරියක අපයෝජනය කළ අයෙකු කොටුවෙයි

කොස්ගොඩ, වලව්වත්ත, ගොඩගම ප්‍රදේශයේදී 14 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක්කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ‍.
පොලීසිය ප්‍රකාශ කළේ,
අදාළ පුද්ගලයා එම දැරිය සිය නිවසට කැඳවාගෙනවිත් අපයෝජනයට කර ඇති බව ය.
එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කොස්ගොඩ, වලව්වත්ත ප්‍රදේ‍ශයේම පදිංචි පුද්ගලයෙකි.
ඊට අනුබල දුන් බවට සැකපිට අදාළ පුද්ගලයාගේ බිරිඳ ද අත්අඩංගුවට ගෙන තිබේ.‍
දැරිය මේ වනවිට පරීක්ෂණ කටයුතු සඳහා බලපිටිය රෝහලට ඇතුලත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.