Header Ads

මෝදි ඔබාමාත් පරාද කරයි

ඇමරිකා ධවල මන්දිරයද පරදා ට්විටර් සාමාජික පිරිසක් හිමි කර ගැනීමට ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි සමත්ව තිබේ.
මේ අනුව ඔහු
ලොව වැඩිම ට්විටර් සාමාජිකයින් පිරිසක් ඇති දේශපාලන හා ආගමික නායකයින් අතුරින් පස්වැනි ස්ථානයට පත්ව ඇත.
ඔහුගේ ට්විටර් ගිණුමේ සිටින සාමාජිකයින් සංඛ්‍යාව ලක්ෂ 50 කට ආසන්නය.
ඇමරිකා ධවල මන්දිර ට්විටර් ගිණුමටත් වඩා සාමාජිකයෝ පිරිසක් මෝදිට සිටිති.
මෝදිට පසුපසින් 6 වැනි හා හත්වැනි ස්ථාන වල සිටින්නේ තුර්කියේ ජනපතිවරයා හා අගමැතිවරයාය.
ඇමරිකා ජනපති බැරක් ඔබාමා ලොව වැඩිම ට්විටර් සාමාජිකයින් පිිරිසක් සිටින රාජ්‍ය නායකයා වේ.ඔහුට පසුපසින් දෙවන ස්ථානයේ සිටින්නේ අති උතුම් පළමුවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.