Header Ads

බස් ගාස්තුව යළිත් කරළියට

අපිට ගාස්තුව වැඩි කරලත් බෑ නොකරත් බෑ – ගැමුණු

බස් ගාස්තුව සංශෝධනය විය යුතුයි – අංජන

ජාතික ගමනා ගමන ප්‍රතිපත්තියට අනුව බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය පවසයි.
එහෙත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසන්නේ ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බව ය.
විෂයය භාර අමාත්‍යවරයා ද බස් ගාස්තු සංශෝධනයක් නොවිය යුතුයි යන ස්ථාවරයේ රැඳී සිටී.
ජූලි මස 01 වන දා බස් ගාස්තු සංශෝධනයකට අවස්ථාව ලැබෙන්නේ ජාතික ගමනා ගමන ප්‍රතිපත්තියට අනුවයි. කරුණු 12 ක් සමාලෝචනය කිරීමෙන් පසුව ගාස්තු තීරණය කළ යුතු බව එම ප්‍රතිපත්තියේ දැක්වේ.
සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා
මාසික හා වාර්ෂික වියදම් අති විශාල මට්ටමකින් වැඩිවුණා, අදායම් බලපත්‍ර ගාස්තු වැඩි වුණා, ලොග් බලපත්‍ර ගාස්තු වැඩිවුණා, රූට් පර්මිට් ගාස්තු වැඩිවුණා, ඒ වගේම ලිහිසි තෙල් වැඩිවුණා, ටයර් සහ ටියුබ් වැඩිවුණා, වාහන අමතර කොටස් මිල වැඩිවුණා එහෙනම් කොහොම ද බස් ගාස්තු සංශෝධනය නොවන්නේ? බස් ගාස්තුව රජය විසින් සං‍ශෝධනය නොකලොත්, අනිවාර්යෙන්ම අපි දැඩි ක්‍රියාමාර්ගවලය යනවා.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේ‍රත්න මහතා
මේ වකවානුනේ මේ දින කීපය තුළ බස් ගාස්තු වැඩි වීමකට අපිට ඉලක්ක කරන්න හැකියාවක් වෙන්නේ නෑ. ඒ තියෙන පිරිවැයෙන් අප ගණනය කළොත් සීයට 4 ක වගේ බස් ගාස්තු සංශෝදනයකට අපිට යන්න මූලික හැකියාව තියෙනවා.කොස් වෙතත් මේ බස් ගාස්තු වැඩි කිරීම තුළ අපට විශාල ගැටලුවක් ඇවිල්ලා තියෙනවා මගී ජනතාව දිනෙන් දින අඩුවීමක්. දිනකට බස් රථ වලින් පොදු ප්‍රවාහන සේවාවේ මගීන් 1500ක් ඉවත් වීමේ ප්‍රවණතාවක් තියෙනවා. ඒ නිසා අපිට මේ ගාස්තුව වැඩි කරලත් බෑ වැඩි නොකරත් බෑ.
අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයේ පී. සරත් විජිතකුමාර මහතා
මෙවර අපිට ලැබෙන්න තියෙන බස් ගාස්තුව ජූලි 01 වන දා ලැබෙයි කියලා අපි ලොකු විශ්වාසෙකින් ඉන්නවා.ඒකට හේතුව අපේ බස්වල තිබෙයන භාණ්ඩවල කීප භාණ්ඩෙකම මිල වැඩිවීමක් වෙලා තියෙනවා ඉන්දන මිල නොවුනට.ඒ ලැබිය යුතු මුදල බස්හිමියට ලබා දෙන්න කටයුතු කරනවා නම් ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඒක තමයි ව්‍යාපාරෙට කරන ලොකුම සහනය.
මගීන්
බස් ගාස්තු වැඩිවීම තුළින් මිනිස්සු අයින් වෙන එක තමයි වෙන්නේ බස්වලින්.ඊට වඩා හොඳයි මේ කට්ටියට වෙන මොනවා හරි සහනයක් දීලා ඒ කට්ටියට මේ සේවය කරගෙන යන්න මොනවා හරි චාන්ස් එකක් දෙන්න පුලුවන් නම් හොඳයි
තෙල් මිල අඩුකරලා බස් ගාස්තු ස්ථාවරව තියාගන්න එක හොඳයි. එහෙම නැත්තන් අපේ පඩියත් වැඩි කරන්න ඕනේ තව එකක්.
බස් ගාස්තුව වැඩි වීම සම්බන්ධව අපේ කැමැත්තක් නෑ අපේ සාමාන්‍ය මිනිස්සුන්ට හරි අමාරුයි ජීවත් වෙන්න.
බස් සේවකයින්
කරන්න තියෙන හාඳම දේ සහනයක් දෙන එක තමයි.++නැත්ව ගාස්තුව වැඩි කරොත් මේ තියෙන ආදායමත් නෑ.බස් දුවවගන්න බැරි වෙනවා.
තෙල් මිල වැඩිකරලා මේවා වැඩි කරොත් එහෙම…ගනන් වැඩි කරොත් එහෙම මගීන්ටත් අපහසුයි අපිටත් අපහසුයි මේ රැකියාව කරගෙන යන්න.
තෙල් මිල අඩුකළොත් තමා හොඳ එතකොට මහජනතාවටත් මේ….සේවයක්වෙනවා.
මගියොන්ට බස් ගාස්තු වැඩිවුණාම ප්‍රශ්නයක්නේ ඒක නේ?
බස් ගාස්තු වැඩි කෙ‍රුවෙත් එහෙම මේ ඉන්න සෙනගත් නැතිවෙනවා.
පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී.රත්නායක මහතා
ජූලි මාසේ 15 වන දා තමයි මිල සංශෝධනය කිරීම සඳහා දින වකවානු නියමවෙලා තියෙන්නේ.ඒ දින වකවානු නියම වුණේ නිර්දේශ වූ කරුණු කාරණා 12ක් ඒ නිර්ණායකයන් එක්ක සසඳලා කටයුතු කරන්න. ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටුකිරීම සඳහා අමාත්‍යංශයක් හැටියට බැඳිලා තියෙනවා.ඒ වගේම මේ බස් කර්මාන්තය රැකගැනීම සඳහාත් කටයුතු කළ යුතු වනවා.නමුත් ඒ කාරණයට තමයි මේ නිර්ණායකයන් 12 එකතු කරලා තියෙන්නේ.ඒකෙදි කිසිසේත්ම බස් ගාස්තුවක් වැඩිකිරීමට සිද්ධ වෙන්නේ නෑ මේ නිර්ණායකයන් හේතු කොටගෙන.මේක ගැන පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.