Header Ads

දික්වැල්ලේ ස්‌වාමින්වහන්සේලාට මුස්ලිම් වරුන්ගෙන් පලතුරු දානයක්


දික්‌වැල්ල පොලිස්‌ ස්‌ථානයේදී 26 දා දික්‌වැල්ලේ මුස්‌ලිම් ජනතාව විසින් සංඝගත දක්‍ෂිණාවක්‌ පවත්වනු ලැබේ.


(පලතුරු)ජාතික සමගිය සහජීවනය තහවුරු කර ගැනීමේ අරමුණින් යුතුව
දික්‌වැල්ල පොලිස්‌ ස්‌ථානය, දික්‌වැල්ල ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රදේශයේ විහාරස්‌ථාන, මුස්‌ලිම් දේවස්‌ථානය නියෝජනය වන පරිදි ගොඩනගා ගත් විශේෂ කමිටුවේ අදහසකට අනුව මෙය ක්‍රියාත්මක වේ.

ප්‍රදේශයේ සියලුම පන්සල් නියෝජනය වන පරිදි සියක්‌ නමක්‌ (100) ස්‌වාමින්වහන්සේලා එදින පෙ. ව. 10 ට පමණ වැවුරුකන්නල බුදුරජ මහා විහාරස්‌ථානයෙන් පිටත්වී දික්‌වැල්ල පොලිස්‌ ස්‌ථානය අසලදී මහා සංඝරත්නයට, මුස්‌ලිම් ජාතිකයන් විසින් පලතුරු පිළිගන්වමින් ඔවුන්ගේ සුහදත්වය පලකිරීමට යෝජනා වී ඇත. ඉන්පසු පොලිසියේදී දානය පිළිගැන්වෙයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.