Header Ads

රජරට විශ්වවිද්‍යාල ආචාර්යවරු දේශනවලින් ඉවත් වීමට තීරණය කරති

මරණ තර්ජන හේතුවෙන් දේශන පැවැත්වීමෙන් ඉවත් වීමට රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් තීරණය කර තිබේ.
එහි උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා සඳහන් කළේ,
විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය මේ පිළිබඳව ලිඛිතව තමන්ට දැනුම් දී ඇති බව ය.
කෙසේ වෙතත් සිසුන්ගේ ඉල්ලීම මත විශ්වවිද්‍යාලයේ වසා දමා තිබූ පීඨ 4 හෙට විවෘත කරන බව ඔහු සඳහන් කළේ ය.
උප කුලපතිවරයා පැවසුවේ, කළමනාකරණ පීඨයට ඇතුළත් කර ගත් පළමු වසර සිසුන්ට පීඨය විවෘත කරන දිනය පසුව දැනුම් දෙන බව ය.
සිසුන් පිරිසකට පැන වූ පන්ති තහනම ඉවත් කරන ලෙස බලකරමින් පසුගිය බ්‍රහස්පතින්දා රජරට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් පිරිසක් උප කුලපතිවරයා හා ආචාර්ය මණ්ඩලය, උපකුලපති කාර්යාලය තුළ සිරකර ගැනීම ත් සමග විශ්ව විද්‍යාලයේ මෙම අර්බුදය හට ගැනිණ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.