Header Ads

පාපන්දු ලෝක කුසලානය : ඉතාලියේ පරාජය හමුවේ එංගලන්තය මූලික වටයේදී ම තරගාවලියෙන් ඉවතට

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයේදී කොස්ටරිකාවට එරෙහි ව පැවති තරගයෙන් ප්‍රබල ඉතාලි කණ්ඩායම පරාජය වී තිබේ.
කොස්ටරිකාව තරගය ජය ගත්තේ,
ගෝල 1ට 0ක් ලෙසිනි.
ඉතාලිය අන්තර්ජාතික කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් ලේඛනයේ 9 වැනි ස්ථානයේ පසුවන අතර කොස්ටරිකාව පසු වූයේ, 28 වැනි ස්ථානයේ ය.
ඒ අනුව කොස්ටරිකා කණ්ඩායම ‘ඩී’ කාණ්ඩයේ පෙරමුණට පැමිණ අතර එම කාණ්ඩයෙන් ක්‍රීඩා කළ එංගලන්තයට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වීම විශේෂත්වයකි.
එංගලන්තය ලෝක කුසලාන පාපන්දු තරගාවලියකදී මූලික වටයෙන් ඉවත් වූයේ, 1958 වසරෙන් පසුව ය.
ප්‍රංශය ‘ඊ’ කාණ්ඩය යටතේ අද අලුයම පැවති තරගයෙන් ගෝල 5ට 2ක් ලෙස ස්විට්සර්ලන්තය පරාජය කළේ ය.
එවුන් ඒ අනුව එම කාණ්ඩයේ පෙරමුණට පැමිණියේ ක්‍රීඩා කළ තරග දෙක ම ජය ගනිමිනි.
තරගාවලියේ දින 9ක් අවසානයේ තරග 26ක් පවත්වා ඇති අතර එහිදී ගෝල 77ක් වාර්තා වී තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.