Header Ads

ධර්ගා, අළුත්ගම ගිනිගත්තේ මෙහෙමයි ... ( photo , Video )

ඉකුත්දා ප‍්‍රහාරයට ලක් වූ කුරුඳුවත්ත ශී‍්‍ර විජයාරාම විහාරාධිපති අයගම සමිත හිමියන් රෝහල් ගතව ප‍්‍රතිකාර ලබා අද යළි විහාරස්ථානයට පැමිණෙන අතර තුර අලුත්ගම නගරයේදී රැස්වීමක් පවත්වා ඇති අතර අවසන් වී පිරිස විසිරි යන අවස්ථාවේ ධර්ගා නගරය ප්‍රදේශයේදී සැඟවී සිටි පිරිසක් විසිරීගිය පිරිස දෙසට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග නොසන්සුන්තාවක් ඇතිවී ඇත.

එහිදී වෙළඳ සල්
දෙකකට සහ වැන් රථයකට ගිනි තැබීමක් සිදුවී තිබේ. ඒ සමගම එම ප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය පනවා ඇති අතර පොලිස් හා විශේෂ කාර්ය බලකා බල ඇණි ආරක්ෂාව යොදවා තිබේ.

එම සිදුවීම් පෙල විවිධ වෙබ් අඩවි වාර්ථා කල අයුරු සහ පින්තූර පතතින් ...
එහි සිටින වාර්තාකරුවන් පැවසුවේ බොදුබල සේනා සංවිධානය දර්ගා නගරයේ අද පස්වරුවේ පැවැත්වූ සමුළුව අවසන් කිරීමෙන් පසු එම නොසන්සුන්තාව ඇති වූ බවයි. කිසියම් පිරිසක් පැමිණ සමුළුවට සහභාගි වී සිටි භික්‍ෂූන් වහන්සේට සහ අවට සිටි පුද්ගලයන්ට පහරදී තිබෙනවා.එමෙන්ම දර්ගා නගරය අවට ස්ථාන කිහිපයක ගිනි තැබීම් ද සිදුව ඇති බවයි පැවසෙන්නේ. ධර්ම දේශනාවකට සහභාගි වී ආපසු වැඩම කරමින් සිටි භික්‍ෂූන් වහන්සේ නමකට ඉකුත්දා දර්ගා නගරයේදී ප‍්‍රහාරයක් එල්ල වුණා. ඊට විරෝධය පළ කරමින් බොදුබල සේනා සංවිධානය අද මෙම සමුළුව සංවිධාන කර තිබුණා. දර්ගා නගරයේ මේ වනවිට ඇති වී තිබෙන නොසන්සුන්තාව පාලනය කිරීම සදහා පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලූන්ද යොදවා තිබෙනවා. මැදපෙරදිග
බොදු බල සේනා සංවිධානය අලුත්ගම නගරයේ පැවැත්වු රැස්වීමෙන් පසුව වාහන වලින් ධර්ගා නගරයේ කුරුදුවත්ත විජයාරාමයට යමින් සිටියේය.පොසොන් පෝදා ධර්ම දේශනයකට වඩිමින් සිටියදී පහර කෑමට ලක් වු අයගම සමිත හිමියන් විජයාරාම පන්සලට වඩමවාගෙන යද්දී මේ සිද්ධිය ඇති විය.
බොදුබල සේනා හිමිවරුද ගිහියන් ද ඒ හිමියන් සමඟ වාහන වලින් නගරයට ඇතුළු වෙද්දී දෙපිරිසක් අතර කලබලයක් ඇති වු බවත් සිද්ධිය ඇසින් දුටුවෝ කියති. පාරේ සිටි අයගෙන් වාහනවල ගිය අයට මුලින්ම ගල් මුල් එල්ල විය .ඉන් පසු දෙපැත්තම ගල් මුල් ගසන්නට විය.
සෑහෙන පිරිසකට ගල් මුල් වැදුණු බවත් ඇතැම් පිරිස් පසු පස හබාගොස් පහර දුන් බවත් මාධ්‍යවේදීයෙක් කියයි. ‘පිරිසක් මටත් ගැහුවා’ යැයි ඔහු සහදන් කරයිනගරයේ කඩ සාප්පු වසා තිබිණි.පොලිස් විශේෂ කාර්ය බළකාය හා පොලීසිය සිටියදීම වසා තිබු කඩවලට ගල් මුල් එල්ල විය.ඒ සමඟම නගරයේ සිටි අය හා වාහනවල සිටි අය දුවන්නට වුහ.
ගල් මුල් වැදුණු ඇතැමෙක් දුවන්නට වුහ. වෑන් රියක් ද කඩ දෙකකටද ගිනි ඇවිලි තිබිණි.ඇතැමෙක් පහර කෑමට ලක් වුහ.කදුළු ගෑස්  හා ජල ප්‍රහාර එල්ල කරද්දී නගරයේ ඉතිරි වී සිටි පිරිස් ද ඒ අනුව දුවන්නට වුහ.අලුත්ගම නගරයේ කඩ දහයකට පමණ ගිනි තබා ඇතැයි ද වාර්තා  වේ. - ලංකාදීප 
බොදු බල සේනා සංවිධානය විසින් අද පස්වරුවේ පැවැත්වූ ප්‍රසිද්ධ රැස්වීමට, නගරයෙන් පිටස්තර පුද්ගලයන් විශාල පිරිසක් රැගෙන විත් සිටි බවත්, එම රැස්වීමෙන් පසුව, ගැටලුවට මුහුණ දුන් හිමි නමද කැටිව පෙළපාලියකින් කුරුදුවත්ත විජයාරාමයට යමින් සිටි පිරිස අතරින් ගැටුම හටගත් බවත්, නගරයේ එක් රැස් වී සිටි ප්‍රදේශවාසීන් හා පෙළපාලිකරුවන් එකිනෙකාට ගල් මුල් ප්‍රහාර එල්ල කරගත් බවත්, වාර්තාවේ. නගරයේ කඩ සාප්පුවලට ගල් මුල් ප්‍රහාර එල්ල කිරීමෙන් බරපතළ හානි සිදු වී තිබේ. රථවාහන හා කඩසාප්පු කිහිපයක් ගිනි තබා ඇත.
ගැටුම ඇවිළ යද්දී පොලිසිය මැදිහත් වී එය පාලනය කිරීමට උත්සාහ කළද, නොහැකි වී තිබේ. කලහකාරීන්ගෙන් ජනමාධ්‍යවේදීන් වෙතද ප්‍රහාර එල්ල වී තිබේ.
පොලිසිය කදුලු ගෑස් ප්‍රහාර එල්ල කළද පිරිස් පාලනය කිරීමට නොහැකි වී තිබේ. පසුව පොලිසිය විසින් අලුත්ගම ප්‍රදේශයට ඇදිරි නීතිය පැනවූ බව පොලිසිය නිවේදනය කළේය
.  ලංකා හෙරල්ඩ්
අද ඇදිරි වැටීමෙන් පසු අලුත්ගම නගරයේ කඩ දහයකට වඩා  ගිනි තබා ඇතැයි ද කළබලකාරයන් පලවා හැරීම සඳහා පොලීසිය මින් මද වේලාවකට පෙර කඳුළු ගෑස් ගැසු බව ද මාධ්‍යවේදීහු කියති.  - ලංකාදීප
මෙම පහරදීමෙන් තුවාල ලැබූ සමිත හිමියන් රෝහලෙන් ප්‍රතිකාර ලබා ඊයේ (15) පිටව ගියඅතර උන්වහන්සේ පිළිගැනීම සඳහා බොදු බල සේනා සංවිධානයේ ‍ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේලා සියගණනක් ද ගිහියෝ දහස් ගණනක්ද එම අවස්ථාවට සම්බන්ධ වී සිටියහ. 
මෙම පිරිස රැස්වීමක්ද පවත්වා පෙළ පාළියෙන් සමිති හිමියන් පන්සලට වැඩමවීමට සූදානම් වුවත් උසස් ‍පොලිස් නිලධාරීන් මැදිහත්ව ගැටුමක් ඇතිවීමට ඉඩ ඇති බැවින් වාහනවලින් ගමන් කරන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා තිබේ. 
ඒ අනුව තුන්දහසකට අධික පිරිස වාහනවලින් ගමන් කිරීමට පටන් ගත් අතර වාහන පෙළපාළියට අතර මගදී කිසියම් පිරිසක් ගල්මුල්වලින් පහරදීමට පටන් ගෙන තිබේ. ඉන් අනතුරුව දෙපාර්ශ්වය අතර ගැටුම් හටගෙන ඇති අතර කඩසාප්පු රැසකට ගිනිතබා ඇත්තේ ඉන් පසුවය. 
මෙම තත්ත්වය ඊයේ රාත්‍රිය වන විටත් පැවැති අතර තත්ත්වය පාලනය කිරීමට ‍පොලිස් විශේෂ කාර්ය බළකාය ක්ෂණික විහිදුම් බළකාය ඇතුළු ආරක්ෂක අංශ කිහිපයක් යොදවා තිබුණි. නියෝජ්‍ය ‍පොලිස්පතිවරු සහ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරිවරු එහි ගොස් තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටියහ. ‍
පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා ඊයේ රාත්‍රියේ එම ප්‍රදේශයට යාමට නියමිතව සිටි බව ‍පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.  කඩු, කිනිසි, ‍පොලු මුගුරු අතින් ගත් පිරිස් ඊයේ රාත්‍රියේත් එම ප්‍රදේශවල සැරිසරනු දක්නට ලැබූ බව අප ප්‍රාදේශීය වාර්තාකරුවෝ සඳහන් කළහ. - ලක්බිම







පහරකෑමට ලක්වූ හිමියන් සිදුවීම විස්තරකල අයුරු




මුස්ලිම් තරුණයින් හමුදා භටයින්ට පහරදිමට තැත්කල අයුරු.




සිදුවීම සම්බන්දව මුස්ලිම් තරුණයෙක් අදහස් දැක්වූ අයුරු.


ඔබේ අදහස පහතින් සදහන් කරන්න. මිතුරන්ට බලන්න  Share කරන්න.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.