Header Ads

වියරු වැටුන පුංචි කෙල්ල


කාන්චි කියන්නේ සුභාෂ් ගායි ගේ අළුත්ම චිත්‍රපටය. මේ වෙකොට මේ චිත්‍රපටය නිකුත් කරලා මාස දෙකක් විතර වෙනවා.මෙහි ප්‍රධාන චරිතය වන කාන්චි ගේ චරිතය රගපාන්නේ මිස්ටා කියන අළුත් නිළියක්. තව රිෂී  කපුර් එක්ක මිතුන් චක්‍රෙබාර්ති වගේ ප්‍රවිණ නළු නිළියෝ එක්ක  සහ කාර්තික් ටිවාරි යන
අළුත් නළු නිළියන් පිරිසකුත් මේකේ රගපානවා. මේක හින්දි  රොමැන්ටික් චිත්‍රපටියක්.


කතාව පටන් ගන්නෙ C.I.Dඑක පොලිස් නිලධාරියෙක්ව ප්‍රශ්නකරන එකෙන්. මෙයාගෙන් ප්‍රශ්න කරන්නෙ  මිණී මැරුමක්  ගැන. පොලිස් නිලධාරියා කියන විදිහට ‍මෙහෙම මරා දාලා තියෙන්නෙ ඉහළ පෙලේ ඇමතිවරයෙක්ගෙ පුතෙක්ව. මේ මිණීමැරැම කරලා තියෙන්නෙ ඈත ගමක ඉදන් මුම්බායට ආපු අවුරැදු දහනවයක  හුරැබුහුටි ලස්සන කෙල්ලෙක්. 



දැන් හිතෙයි මේක ආදරය නිසා කරපු මිනී මැරුමක් කියලා . ඇත්තම කියනව නම් මේකට ආදරෙත් සම්බන්ධයි වගේ තමයි. හැබැයි මේක සම්පූර්ණයෙන්ම ආදර කතාවක් නෙමෙයි.



 මේ හුරැබුහුටි කෙල්ලගෙ හිතේ තිබුනු කැකෑරෙන “වෛරය හා පළිගැනීම” නිසා  කරපු මිණීමැරැමක්. ඒ වගේම මේ කතාවට දේශපාලනය ප්‍රබල ලෙස සම්බන්ධයි.



 ගමෙන් ආපු මේ පොඩි කෙල්ල දේශපාලනයෙ සැබෑ ස්වරෑපය හෙලීකරනවා විතරක් නෙමෙයි මිනිස්සුන්ට කොන්ද කෙළින් තියාගෙන ජීවත් වෙන්නත් කියලා දෙනවා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.