Header Ads

ටයිටැනික් නළුවාගේ අනියම් පෙම මිනී මරයි

ටයිටැනික් නළු ලියනාඩෝ ඩි කැප්රියෝ සමග සිය බිරිද අනියම් සබදතාවක් පවත්වන බව හෙළිවීම නිසා ව්‍යාපාරිකයෙකු සිය දිවි හානි කර  ගනියි.
කැතී ක්ලෙයාර්ලි නම්  නිරූපිකාවකගේ සැමියා වන 
40 හැවිරිදි ඇන්ඩෘ ස්ටෙයින් පසුගියදා සැන් ෆ්‍රැන්සිස්කෝ හිදී සිය හිසට වෙඩි තබාගෙන සියදිවි හානි කර ගත්තේය.


ඔහු ආර්ථික  අර්බුදයක් නිසා මෙලෙස ජීවිතක්ෂයට පත්වු බවට මුලින්  තොරතුරු වාර්තා වු නමුත් පසුව හෙළිවී ඇත්තේ සිය බිරිද සහ ටයිටැනික්  නළුවා අතර  පැවති සමබන්ධය නිසා ඔහු බොහෝ සිත් තැවුලට පත්ව ඇති බවයි.



මෙම සබදතාව වසර ගණනාවක් තිස්සේ පැවතුනු එකක්  වන අතර පසුගියදා කැතී සහ ලියනාඩෝ එක්තරා සාදයකට සහභාගී වී සිටි ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් අන්තර් ජාලයේ පළවිය. මේ නිසා ඇන්ඩෘ ස්ටෙයින් බර පතල සිත් තැවුලෙන් පසුවු බව ඔහුගේ මිතුරන් සදහන් කර  තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.