Header Ads

අන්තවාදී වෙබ් අඩවිවලට ගෝඨාගෙන් අනතුරු ඇඟවීමක්

ජාති හා ආගම් භේද ඇති කරන අන්දමේ විවිධ ප්‍රකාශ පළ කරන සමාජ වෙබ් අඩවිවලට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කොට තිබේ.



පසුගියදා අලුත්ගම බේරුවල ප්‍රදේශවල ඇති වූ
නොසන්සුන්කාරී සිද්ධිවලදී ඇතැම් වෙබ් අඩවි මහජනයා කුපිත කරවන අන්දමේ ප්‍රකාශ ගෙන ගිය අන්දම පිළිබඳව රාජ්‍ය බුද්ධි අංශ ආරක්ෂක ලේකම්වරයාට කරුණු ඉදිරිපත් කොට තිබේ.




එවැනි අන්දමේ ප්‍රකාශ සිදු කෙරෙන ඇතැම් වෙබ් අඩවි පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමේදී එම වෙබ් අඩවි හඳුනා ගැනීමට හැකි වන පරිදි තාක්ෂණ ක්‍රමවේද කඩිනමින් සකස් කරන ලෙසද ඊට අදාළ තාක්ෂණ ආයතනවලට උපදෙස් දී ඇති බවද ආරක්ෂක ලේකම්වරයා 'මව්බිම'ට පැවැසීය.




ජාතීන් අතර පවතින ආගමික සංහිඳියාව බිඳ දැමීම සඳහා කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කරන පුද්ගලයන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කෙළේය.




ඒ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබ¼ඳව ආරක්ෂක ලේකම්වරයා අදාළ ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.