Header Ads

ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරියට එරෙහිව කාන්තා හිංසන චෝදනාවක්

ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරිය තමන් හිංසනයට ලක්කරන බවට එම අධිකාරියේ සේවිකාවක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් කර ති‍බේ.
එම පැමිණිල්ල කර ඇත්තේ,
ළමාරක්ෂක අධිකාරියේ ගිණුම් අංශයේ ලිපිකාරිණියකි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ, තමන්ට කාර්යාලය තුළදී  සභාපතිවරියගේ විවිධ පීඩනයන්ට ලක්වීමට සිදුවන බවට ඇය එම පැමිණිල්ලෙන් දන්වා ඇති බව ය.
මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද ඔහු පකාශ කළේ ය.
මේ අතර, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පැවසුවේ, පැමිණිල්ල සම්බන්ධයෙන් ළමා හා කාන්තා කටයුතු අමත්‍යංශයේ ලේකම්වරයා දැනුවත් කර ඇති බව ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.