Header Ads

බොදු බලයට- සිහළ රාවයට තහනම් නියෝග

අලුත්ගමදී සිදුකළ මානව විරෝධී අපරාධවලට නායකත්වය දුන් බොදු බල සේනාව බදුල්ලේදී නැවත වරක් මහජනයා රැස් කිරීමට දැරූ උත්සාහයක් අධිකරණය
විසින් වළක්වා ඇතැයි වාර්තාවේ.
පොලිසිය විසින් කරන ලද කරුණු දැක්වීමට අනුව බොදු බල සේනා සහ සිහළ රාවය සංවිධානවලට උද්ඝෝෂණ, මහජන රැස්වීම් හෝ පෙළපාලි පැවැත්මීම තහනම් කරමින් බදුල්ල මහේස්ත්‍රාත් ප්‍රියදර්ශනී ද සිල්වා මෙනෙවිය විසින් අද (18) නියෝගයක් නිකුත් කර තිබේ.
බොදු බල සේනාවට එරෙහි නඩුවක් අද බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතව තිබූ අතර, එයින් පසුව රැස්වීමක් පැවැත්වීමට එම සංවිධානය සූදානම් වන බවට භීතියක් ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව තුළ ඇති මතු වී තිබිණි.
බොදු බල සේනා සංවිධානය විසින් පෙරේදා (16) දිනයේදීද කිසියම් රැස්වීමක් බදුල්ල නගරයේදී පවත්වා ඇති අතර, එය පැවැත්වෙද්දීම ලෝවර් වීදියේ පිහිටි, මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයකුට අයත් වෙළෙදසැලකට පහරදී අලාභහානි සිදු කර තිබුණු බව බදුල්ලේ මාධ්‍යවේදියකු වන මුසම්මිල් මහතා ප්‍රකාශ කළේය.
ඊයේ (17) මාවනැල්ල නගරයේ පැවත්වීමට ගිය එවැනිම රැස්වීමක් අධිකරණ නියෝග මත අතිහිටවිණි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.