Header Ads

MH370 යානයේ සුන්බුන් සෙවීම යළි ඇරඹෙයි

මැලේසියාවට අයත් අතුරුදන් වූ MH370 යානයේ සුන්බුන් සෙවීම යළිත් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
ඔස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂණ කාර්යංශය පවසන්නේ, ඉන්දියන් සාගරයේ සැතපුම් සිය ගණනක් දකුණු පැත්තට වන්නට මෙවර සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන
බව ය.
මෙවර සෝදිසි කිරීමට නියමිත මුහුදු ප්‍රදේශයේ විශාලත්වය කිලෝමීටර් 1800ක් පමණ වේ.
මෙම ප්‍රදේශය මීට පෙර ගුවනින් නිරීක්ෂණය කර ඇතත්, මුහුදේ නිරීක්ෂණයක් සිදු කර නොමැත.
ඔස්ට්‍රේලියාව පවසන්නේ, යානයේ සුන්බුන් මෙම ප්‍රදේශවල පවතින බවට දැඩි විශ්වාසයක් ඇති බව ය.
පසුගිය මාර්තු 8 වන දා MH370 යානය අතුරුදන් වන අවස්ථාවේ එහි මගීන් 239 දෙනෙක් වූහ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.