Header Ads

ශ්‍රී ලංකාව එංගලන්තය හමුවේ පරාජයෙන් අනූනවයෙන් ගැලවෙයි (PHOTOS)

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පරාජයෙන් අනූනවයෙන් ගැලවීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.
තරගයේ
පළමු ඉනිම සඳහා එංගලන්තය කඩුලු 9කට ලකුණු 575ක් රැස් කළේ ය.
එංගලන්තය (පළමු ඉනිම) – 575/9
ජෝ රූට් (නොදැවී) – 200

මැතිව් ප්‍රයර්            – 86

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා‍ සියලු දෙනා දැවී ලකුණු 453ක් රැස් කළේ ය.
ශ්‍රී ලංකාව (පළමු ඉනිම) – 453/10
කුමාර් සංගක්කාර – 147

ඇන්ජලෝ මැතිව්ස් – 102
කෞෂාල් සිල්වා – 63

එංගලන්ත කණ්ඩායම දෙවන ඉනිම සඳහා කඩුලු 8ක් දැවී ලකුණු 267ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීය.
එංගලන්තය (දෙවන ඉනිම) – 267/8
ගැරී බැලන්ස් (නොදැවී) – 104

ක්‍රිස් ජෝඩ්න්                 – 35

තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 390ක ඉලක්කයක් පැවතිය ද ඔවුන් රැස් කළේ, කඩුලු 9කට ලකුණු 201ක් පමණි.
ශ්‍රී ලංකාව (දෙවන ඉනිම) – 201/9
කුමාර් සංගක්කාර – 61

කෞෂාල් සිල්වා – 57

මෙම තරගයේ අවසන් පන්දු වාර කිහිපය තියුණු මුහුණුවරක් ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 9ක් බිඳ වැටිණි.
තරගයේ අවසන් පන්දුවට පෙර පන්දුවේදී නුවන් ප්‍රදීප් කඩුල්ල මුවා කිරීමේ වරදට දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කළ ද තෙවන විනිසුරු එය පිත්තෙහි දැවටුණු පන්දුවක් ලෙස නම් කිරීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් ගැලවිණි.
මෙහි තරගයේ දක්ෂත ම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වූයේ, එංගලන්ත කණ්ඩායමේ ජෝ රූට් ය.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.