Header Ads

මෙන්න ... ඉන්දියාවේ තිරගතවන සිංහල චිත්‍රපටිය (VIDEO)

මෙරට සිනමා ඉතිහාසයේ ප්‍රථම වතාවට සිංහල චිත්‍රපටයක් ඉන්දියාවේ සිනමා ශාලා දහ හතක එකවර ප්‍රදර්ශනය වීම 13 වැනි දා ආරම්භ වේ. ඒ සම්මානනීය අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේගේ නවතම සිනාම කෘතිය වන ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටයයි. 


මෙය තිරගත වනුයේ ඉන්දිය
සුප්‍රකට චිත්‍රපට ශාලා ජාලයක් වන පී. වී. ආර්. සිනමා සංකීර්ණ ජාලයේය. එහි නගර පහක ඇති සිනමාහල් දාහතක ඔබ නැතුව ඔබ එක්ක තිරගතවීම ආරම්භ වනු ඇත.


ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ඔබ නැතුව ඔබ එක්ක’ (With You, Without You) චිත්‍රපටයේ රඟපෑ අන්ජලී පටිල් ඉන්දීය ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ හොඳම නිලියට හිමි රජත මයුර සම්මානයෙන් පුද ලැබීය.
පශ්චාත් යුද සමයේ ශ්‍රී ලංකාව පසුබිම් කරගත් මෙම චිත්‍රපටයේ අන්ජලී පටිල් නිරූපණය කළේ මැදිවියේ සිංහල පුරුෂයෙක් හා එක්වන දෙමළ තරුණියගේ චරිතයයි. ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් සඳහා හොඳම නිළිය වෙනුවෙන් ජාත්‍යන්තර සම්මාන සිව් වතාවක් දිනා ඇත.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.