Header Ads

ප්‍රියංකා චොප්රාගෙන් පසු ෂාරුක් ඛාන් සමග ගී ගැයීමට පිට්බුල්ට ආසාවක් (WATCH PRIYANKA’S SONG)

යම් දිනක බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් සමග එක්ව ගී ගැයීමට තමන් කැමැත්තෙන් පසුවන බව අමෙරිකානු රැප් ගායක Armando Christian Perez හෙවත් පිට්බුල් (Pitbull) පවසයි.
ඔහු ඉන්දීය පුවත් ඒජන්සියක් සමග පවසා ඇත්තේ, පසුගිය වසරේ IPL සමාරම්භක උත්සවයේදී තමන් ෂාරුක් ඛාන් සමග එක ම වේදිකාවේ ගී ගයමින් නර්තන ඉදිරිපත් කළ
බව ය.
එහිදී, ෂාරුක් ඛාන් තමන්ට බොලිවුඩ් නර්තන විධි කිහිපයක් ඉගැන්වූ බව ද පිට්බුල් සඳහන් කර තිබේ.
ෂාරුක් ඛාන් යනු ක්‍රියාශීලී විශිෂ්ට කලාකරුවෙකු බව ඔහු අවධාරණය කර තිබේ.
යම් හෙයකින් ෂාරුක් ඛාන් පිට්බුල්ගේ ආරාධනාව පිළිගතහොත් පිට්බුල් බොලිවුඩ් කලාකරුවෙකු සමග ගී ගයන දෙවන අවස්ථාව එය වනු ඇත.මීට පෙර ඔහු ‍බොලිවුඩ් සුපිරි නිළි ප්‍රියංකා චොප්රා සමග ගීතයක් නිර්මාණය කළේ ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.