Header Ads

පිළිකාවකින් පීඩා විඳි පෙම්වතා මියයාමට මොහොතකට පෙර ඔහු විවාහ කරගත් සැබෑ පෙම්වතියක් (WATCH THE WEDDING)

පිළිකාවක් වැළඳීමෙන් මරණය අබියස සිටි සිය පෙම්වතා මරණයට පත්වීමට පැය කිහිපයකට පෙර ඔහු විවාහ කරගත් ‍සැබෑ පෙම්වතියක පිළිබඳව පිලිපීනයෙන් වාර්තා වේ.
29 හැවිරිදි Rowden Go Pangcoga නමැති එම තරුණයා
සිය පෙම්වතිය වන Leizl සමග විවාහ වීමට සිහින මැව්වේ, ජූලි මාසයේදී ය.
එහෙත්, ඔහු දරුණු අක්මා පිළිකාවකින් පීඩා විඳින බව අනාවරණය වී ඇත්තේ, පසුගිය මැයි මාසයේදී කළ වෛද්‍ය පරීක්ෂණයකින් පසුව ය.
ඔහු මරණයට පත්වීමට පැය කිහිපයකට පෙර තමන්ට සිය පෙම්වතිය සමග විවාහ වීමට අවශ්‍ය බව පවසා තිබේ.
ඒ අනුව, පැය 12ක කාලයක් තුළ ඔහුගේ සිහිනය ඉටු කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කෙරිණි.
සිය පෙම්වතා මරණයට පත්වන බව දැන දැන වුව ද අදාළ තරුණිය ඔහු විවාහ කරගැනීමට කැමැත්ත පළ කළේ, ඇගේ සැබෑ ප්‍රේමය ලොවට හෙළි කරමිනි.
මෙම විවාහ උත්සවය සමාන්‍ය විවාහ උත්සවයක් පරිදි ම රෝහල තුළ පැවැත්විණි.
විවාහ උත්සවය පූජකවරයෙකු විසින් පවත්වනු ලැබූ අවස්ථාවේදී සහභාගි වූ සියලු දෙනාගේ දෙනෙත් කඳුළින් තෙත් විය.
මෙම විවාහය සිදුවී පැය 10ක් ගත වීමට ත් පෙර තරුණයා මෙලොව අතහැර ගියේ, සිය බිරිඳ ලෝකයෙහි හුදකලා කරමිනි.
විවාහය සිදු කෙරෙන ආකාරය වීඩියෝ ගත කෙරුණු අතර එය තරුණයාගේ සොහොයුරා වන Hasset Go විසින් YouTube වෙබ් අඩවියට මුදා හරින ලදී.
දින කිහිපයක් ඇතුළත එය නැරඹූ සංඛ්‍යාව ලක්ෂ 40 ඉක්මවා තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.