Header Ads

මාස 11ක් වයසැති සිය දරුවා මරා දමා Facebook පිටුවේ පළ කළ මවක් (PHOTOS)

මාස 11ක් වයසැති සිය පුත්‍රයා ඝාතනය කර පුතුගේ මළ සිරුරෙහි ඡායාරූප Facebook වෙබ් අඩවියේ පළ කළ මවක පිළිබඳව අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයෙන් වාර්තා වේ.
22 හැවිරිදි නිකොල් කෙලී නමැති
එම කාන්තාව දරුවාගේ මළ සිරුරෙහි ඡායාරූප ඇයගේ Facebook පිටුවේ පළ කර ඇත්තේ, “I reached my breaking point, I didn’t want him anymore” යනුවෙන් සඳහන් කරමිනි.

නිව්යෝර්ක් පොලීසිය පැවසුවේ, සෞඛ්‍ය සේවිකාවක ලෙස සේවය කර ඇති එම මව ඇඳ ඇතිරිල්ලකින් දරුවාගේ ගෙළ සිර කර මරා දමා ඇති බව ය.
එසේ දරුවාගේ ගෙළ සිර කර පැය භාගයක් පමණ මව බලා සිට ඇතැයි පොලීසිය පවසයි.
දරුවාගේ පියා මවගෙන් වෙන්ව ජීවත් වී ඇති අතර අසල්වාසීන්ගේ දැනුම් දීමකින් ඔහු නිවසට පැමිණ දරුවා රෝහලක් වෙත රැගෙන ගිය ද ඉන් ඵලක් වී නොමැත.
Kiam Felix Jr
SOURCE: Daily Mail

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.