Header Ads

රොනාල්ඩෝගෙන් ගිලිහුණු වසර 12ක් පැරණි වාර්තාව

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වසර 12ක් පැරණි ලෝක වාර්තාවක් ජර්මන් ක‍්‍රීඩක මිරොස්ලෝව් ක්ලොස් විසින් අද බිඳ හෙලූවා. ඒ, ලෝක කුසලාන පාපන්දු තරගාවලින්හීදි ක‍්‍රීඩකයෙකු රැස්කළ වැඩිම ගෝල සංඛ්‍යාවට හිමිකම් කියමින්.

බ‍්‍රසීලය සමග ඊයේ පැවති
තරගයේ දී ලබාගන්නා ලද ගෝල දෙකක් ද සමග මිරොස්ලෝව් ක්ලොස් මේ වන විට ලෝක කුසලාන පාපන්දු තරගාවලින්හීදි රැස්කර ගෙන ඇති මුළු ගෝල සංඛ්‍යාව 16ක් වනවා.

ඒ සඳහා ඔහු සහභාගි වී ඇති තරග සංඛ්‍යාව 23ක්. අදාල වාර්තාවට මීට පෙර හිමිකම් කීවේ බ‍්‍රසීල ක‍්‍රීඩක රොනාල්ඩෝ. ලෝක කුසලාන පාපන්දු  තරග 19කට සහභාගී වී ගෝල 15ක් රැස්කර ගැනීමට ඔහු සමත්වී සිටියා.


මේ අතර ඊයේ පැවති අවසන් පූර්ව තරගය ජර්මනිය විසින් ජයගත්තේ බ‍්‍රසීලය ගෝල 07ට 01ක් ලෙස පරාජය කරමින්. කිසියම් කණ්ඩායමක් ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් පූර්ව තරගයේ දී රැස්කර ගත් වැඩිම ගෝල සංඛ්‍යාව ද එය වනවා.


ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ බ‍්‍රසීලය ලද දරුණුම පරාජය ද මෙයයි. මීට පෙර 1920 වසරේදී ඔවුන් උරුගුවේ කණ්ඩායම හමුවේ ගෝල 06ට 0ක් ලෙස පරාජය වී තිබුණා.


තවද ඊයේ පැවති තරගයේ දී ජර්මනිය සිය ගෝල 07න් 05ක්ම ලබාගත්තේ පළමු අර්ධයේ මිනිත්තු 29ක් ඇතුලතයි. ලෝක කුසලාන පාපන්දු තරගාවලියක ගෝල 05ක් රැස් කිරීමට ගත කළ අඩුම කාලය ද මෙය වනවා.



මෙම දක්‍ෂතාවත් සමඟ ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ වැඩිම ගෝලලාභි කණ්ඩායම ලෙස ජර්මනිය තවත් නව වාර්තාවක් පිහිටවුවා. ඔවුන් ලෝක කුසලාන  පාපන්දු ඉතිහාසයේ මෙතෙක් ලබාගෙන ඇති මුළු ගෝල සංඛ්‍යාව 223ක්.


මීට පෙර අදාල වාර්තාවට හිමිකම් කිවු බ‍්‍රසීලය මේ වන විට ලෝක කුසලාන පාපන්දු තරගාවලින් හීදි ගෝල 220ක් ලබාගෙන තිබෙනවා. මේ අතර මෙම තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද පැවැත්වීමට නියමිතයි. ආර්ජන්ටිනාව සහ නෙදර්ලන්තය එහිදී තරගවදිනවා. 

THE TOP MEN


Miroslav Klose 16 goals
Ronaldo 15
Gerd Muller 14
Just Fontaine 13
Pele 12
Jurgen Klinsmann 11
Gary Lineker 10

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.