Header Ads

පාලමක් යට රැයක් ගෙවූ වයස 14 ජෝඩු දෙකක් පොලිසියේ

දහ  හතර හැවිරිදි සිසුවියන් දෙදෙනෙකු පාසල නිම වීමෙන් පසු නිවෙස් වලට නොගොස් පෙම්වතුන් දෙදෙනෙකු සමඟ නගරයේ රවුම් ගසා පාලමක් යට රාත‍්‍රිය ගත කර සිටිය දී
පොලීසියට කොටු වූ බව අම්බලන්ගොඩ පොලිසිය කියයි.
අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන මෙම දහ හතර වැනි වියේ පසු වන ශිෂ්‍යාවන් දෙදෙනා පාසල නිම වීමෙන් පසු නිවෙස් වලට නොගොස් සිය පෙම්වතුන් සමඟ තැනින් තැන ඇවිද රාත‍්‍රිය නගරය ආසන්නයේ පාලමක් යට ගත කොට ඇත.
ඉන් අනතුරුව පසුවදා පාන්දර මින් එක් තරුණයෙකුගේ නිවෙසකට මේ සිවු දෙනාම ගොස් ඇත. ඒ වන විට එම නිවසේ වැඩිහිටියන් කිසිවකු සිට නැති බව ද පොලීසිය කියයි. මෙම සිද්ධිය අවට සිටි අයකු දැක පොලීසියට දැනුම් දී ඇත.

මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.