Header Ads

පාපන්දු ලෝක කුසලානය – 2014 : ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඊයේ පැවති තරගයේදී බෙල්ජියම පරදා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ආර්ජන්ටිනාව සමත් විය.
බ්‍රසීලියාහිදී පැවති තරගය
නැරඹීමට විශාල පිරිසක් එක්ව සිටියහ.
තරගයේ පළමු අර්ධයේ 8 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ ආර්ජන්ටිනා ක්‍රීඩක ගොන්සාලෝ හිගුවේන් ගෝලයක් වාර්තා කළේ ය.
කෙසේ වෙතත් තරගයේ නියමිත කාලය අවසන් වන තෙක් ප්‍රතිවාදී  බෙල්ජියම් ක්‍රීඩකයින් ගෝල වාර්තා කිරීමට සමත් නොවුණු අතර තරගය නිමා වූයේ, ගෝල 1ට 0ක් ලෙස ආර්ජන්ටිනාවට ජය හිමි කර  දෙමිනි.
බෙල්ජියමට එරෙහි ජයග්‍රහණය ත් සමග වසර 24 කට පසුව  ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ  අවස්ථාව ආර්ජන්ටිනාව හිමි විය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.