Header Ads

කාන්තාවන්ගෙන් 3% අධික කාමුකත්වයෙන්

කාන්තාවන්ගෙන් 3%ක ප‍්‍රමාණයක් උග‍්‍ර කාමුකත්වයෙන් පෙළෙන බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.
ජර්මනියේ හැම්බර්ග් එපෙන්ඩෝර්ෆ් විශ්වවිද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානය විසින් මෙම සමීක්ෂණය සිදුකර ඇති අතර ඔවුන් කාන්තාවන් 1000කගෙන් පමණ
ඔවුන්ගේ ලිංගික ජීවිතය පිළිබඳ ප‍්‍රශ්න යොමු කර ඇතැයි පැවසේ.
හැගීම් පාලනය කිරීම සඳහා ලිංගික හැසිරීම් භාවිතා කිරීම, පාලනයකින් තොරව ලිංගිකව හැසිරෙන්නේද සහ රැකියාවට අධ්‍යාපනය ලිංගික අවශ්‍යතාවයන් බලපාන්නේද ආදී ප‍්‍රශ්න 19ක් මෙලෙස යොමු කර ඇත.
එහිදී හෙළිවී ඇත්තේ කාන්තාවන්ගෙන් 3%ක් උග‍්‍ර කාමුකත්වයෙන් පෙළෙන බවයි.
වැඩි වාරයක් ස්වයං මෛථුනයේ යෙදීම, කාමුක සිනමා නැරඹීම සහ ලිංගික සහකරුවන් වැඩි ගණනක් ඇසුරු කිරීම මෙවැනි කාන්තාවන්ගේ ස්වභාවය බව විද්‍යාඥයින් පවසා තිබේ.
එමෙන්ම මෙම සමීක්ෂණය මගින් අති කාමුකත්වය සහිත කාන්තාවන්ගේ ලක්ෂණ යයි පැවති අදහස් ගණනාවක් බිඳ වැටුණු බවද එම වාර්තාවේ දැක්වේ.
උග‍්‍ර කාමුකත්වයෙන් පෙළෙන පිරිමින්ට සමාන ලක්ෂණ කාන්තාවන්ගෙන්ද ප‍්‍රකට වන බව හෙළිවී ඇති නමුත් පිරිමින්ගෙන් වෙනස් ලෙස මෙවැනි තත්වයක පෙළෙන කාන්තාවන්ගෙන් බහුතරයක් ද්විලිංගිකයින් බව නිරීක්ෂණය වී තිබේ.
උග‍්‍ර කාමුකත්වයෙන් පෙළන පිරිමින් සියල්ලම පාහේ විරුද්ධ ලිංගිකයන් බව පැවසේ.  විද්‍යාඥයින් පවසන්නේ මෙම තත්වයෙන් පෙළෙන්නන් ප‍්‍රතිකාර සඳහා එක්විය යුතු බවයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.