Header Ads

පියයුරු පරීක්ෂාවට ගෙට පනින "B-Ninja"

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ රාජකාරී අධීක්ෂණය කරන බව පෙන්වමින් මව්වරුන් පරීක්ෂා කිරීමට ගැබිනි සහ කුඩා දරුවන් සිටිනා මව්වරුන් වෙසෙන නිවෙස් වලට පැමිණෙන විකෘති ආශාවන්ගෙන් යුතු පුද්ගලයෙක් පිළිබඳව දෙහිවල ප්‍රදේශ‍යෙන් වාර්තා වනවා. මේ පිළිබඳව ප්‍රදේශයේ මව්වරුන් කිහිප දෙනෙකුම පැමිණිලි කර ඇතැයි දෙහිවල, ගල්කිස්ස
නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල මහතා පවසනවා.

දෙහිවල, කරගම්පිටිය, රත්මලාන, කඳවල, ගල්කිස්ස යන සෞඛ්‍ය කොට්ඨාශවල නිවෙස් කිහිපයකටම මෙම පැමිණ තිබෙනවා. එම නිවෙස් වලට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් පැමිණ ආපසු ගොස් සුළු වේලාවකින් මෙම පුද්ගලයා පැමිණීම විශේෂත්වයක්. මොහු මුහුණ ආවරණය කරන ලද හෙල්මටයක් සහ ජැකටයක් පැළඳ යතුරුපැදියකින් පැමිණෙන බවයි මව්වරුන් පවසන්නේ.

මෙම පුද්ගලයා මව්වරු නිවෙස් තුළට කැඳවාගෙන ගොස් ළමා කාඩ්පත් පරීක්ෂා කර, තමා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් පැමිණි බව පවසා එම කාඩ්පත්වල සටහන් පවා තබා තිබෙනවා. ළමුන් වෙත කිරි ලබාදීමේ ක්‍රමය ගැන කියා මව්වරුන් කිහිප දෙනෙකුගේ පියයුරු පවා පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

කාන්තාවන්ගේ පියයුරු පරීක්ෂා කිරීමේ අසහනයකින් පෙළෙන නිසා, දෙහිවල ප්‍රදේශයේ මේ පිළිබඳ දන්නා උදවිය " බී නින්ජා" යන අන්වර්ථ නාමයෙන් මොහු හැඳින්වීමටද පෙළඹ තිබෙනවා.

තම වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන් අධීක්ෂණයට ගෙන් ගෙට යාමට කිසිදු අයෙකු යොදවා නොමැති බවත් එවැනි පුද්ගලයන් යළි පැමිණියහොත් ළඟ ම ‍පොලිසිය වෙත හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත පැමිණිලි කරන ලෙසත් වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා ඉල්ලා සිටිනවා.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.