Header Ads

පුවත්පත් ලුහුඬු දැන්වීම් පළ කරන්නේ බලාගෙන යි!: බන්ධනාගාරයේ සිට පිටතින් කප්පම් අරන්

මහර බන්ධනාගාරයේ රැඳවියෙකු බන්ධනාගාරය තුළ සිටියදී කප්පම් ගැනීමේ සිද්ධියකට අදාළව පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ,
මෙම කප්පම් ගැනීම පරකඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් කාන්තාවකගෙන් හෙළි කර ගත් බව ය.
පුවත්පත්වල විවිධ දේ අලෙවි කිරීම සඳහා පළ කරන ලුහුඬු දැන්වීම් හරහා එම දැන්වීම් පළ කළ පුද්ගලයින්ව බිය ගන්වා, තර්ජනය කර, කප්පම් ලබාගෙන ඇතැයි මූලික පරීක්ෂණවලින් හෙළිවී තිබේ.
දුරකතන හරහා තර්ජනය කර ඇත්තේ, මහර බන්ධනාගාරයේ සිටි රැඳවියෙකි.
පොලීසිය ඉල්ලා සිටින්නේ, පුවත්පත් ලුහඬු දැන්වීම් පළ කරන විට වඩා ත් සැලකිලිමත් වන ලෙස ය.
එවැනි ලුහුඬු දැන්වීම්වල සඳහන් කරන දුරකතන අංක ගනුදෙනුව අවසන් වූ පසු ඉවත දමන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ජනතාවට උපදෙස් දෙයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.