Header Ads

තංගල්ල තීන්දුව සති දෙකකින්

බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂේක් තීන්දුව තංගල්ල ඝාතන නඩුවේ සාක්කි සම්පිණ්ඩන දේශන ලබන සිකුරාදා (11) අරඹන්නැයි මහාධිකරණ විනිසුරු රෝහිනී වල්ගම මහත්මිය නියෝග කළාය. දෙසතියකින්
තීන්දුව දීමට අදහස් කරන බව ද ඕ කීවාය.



ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා පැවසුවේ පැමිණිල්ලේ අවසන් සාක්කි සටහන් බ්‍රහස්පතින්දා උදේ ලැබුණු බවත්, දේශන පැවැත්වීමට පෙර ඒවා අධ්‍යනය කළ යුතු බවත්ය. ලබන සිකුරාදා වන විට විත්තිකරුවන්ගේ ප්‍රකාශ සහ සාක්කි සම්පිණ්ඩන දේශන අවසන් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය දන්වා සිටියාය. 

කුරාම් ෂේක්ගේ පෙම්වතිය වන වික්ටෝරියා කෙළෙසීයැයි ද තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු පිරිමක් චෝදනා ලැබ සිටිති.



ඕ ඒ ලහිරු කැලුම් ,යු සමන් දේශප්‍රිය, ඩබ්ලිව් ප්‍රගීත් චතුරංග,එම් සරත් හෙවත් සහන් හා ප්‍රගීත් චතුරංග ද වගඋත්තරකරුවෝය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.