Header Ads

නෙයිමාර් යළි නැගිටියි: නෙදර්ලන්තයට එරෙහිව තෙවන ස්ථානය වෙනුවෙන් තරග බිමට

ආබාධයකට ලක්ව සිටි බ්‍රසීල පාපන්දු ක්‍රීඩක නෙයිමාර් ද සිල්වා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තෙවන ස්ථානය සඳහා පැවැත්වෙන තරගයට සහභාගි වන බව බ්‍රසීලය පවසයි.
ඒ අනුව, ඔහු අනිද්දා
අලුයම පැවැත්වීමට නියමිත එම තරගයට සහභාගි වීමට නියමිත ය.
බ්‍රසීල පාපන්දු සංගමය පවසන්නේ, මේ වන විට නෙයිමාර්ගේ පිටකොන්දේ පැවති ආබාධය සුව වී ඇති බව ය. මේ අතර, එක් තරග තහනමකට ලක්ව සිටි බ්‍රසීල නායක තියාගෝ සිල්වා ද මෙම තරගයට එක් වනු ඇත.
ඒ අනුව, ලබන සෙනසුරාදා නෙදර්ලන්තය සමග පැවැත්වෙන තරගයෙන් ජයග්‍රහණය කිරීමට හැකි වනු ඇතැයි බ්‍රසීල පාපන්දු සංගමය විශ්වාසය පළ කරයි.
SOURCE: NDTV

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.