Header Ads

සචිත‍්‍ර සේනානායකට තහනමක්

ශ‍්‍රී ලංකා දඟ පන්දු යවන ක‍්‍රීඩක සචිත‍්‍ර සේනානායකගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලය විසින් තහවුරු කර තිබෙනවා.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පසුගිය එංගලන්ත සංචාරයේ
ලෝඞ්ස් පිටියේ පැවති සිව්වන එක්දින තරගයේදී සචිත‍්‍ර පන්දුව දමා ගසන බවට තරග විනිසුරුවන් පළමු වරට චෝදනා කළා. ඒ අනුව එංගලන්තයේ කාඩිෆ් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයේදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව විශේෂ පරීක්ෂාවකට ලක්කෙරුණා.

එහිදී ලබාගත් තොරතුරු අනුව සචිත‍්‍රගේ පන්දු යැවීම නීති විරෝධී බව අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලය විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව සචිත‍්‍රගේ පන්දු යැවීමේ ඉරියව්ව යළි නිවැරදි බවට තහවුරු කෙරෙන තුරු ඔහුට ජාත්‍යන්තර තරග සඳහා සහභාගි වීමේ අවස්ථාව තහනම් වනවා. 

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.