Header Ads

යාල මාසයකට වැසේ

පවතින දැඩි නියඟය සැළකිල්ලට ගෙන යාල ජාතික වනෝද්‍යානය සැප්තැම්බර් මස 01 වන දා සිට මසක් වසා තබන බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් එච්.ඩී.රත්නායක මහතා පවසයි.
ඔහු කියා සිටියේ,‍
ජලය හිඟකමින් මේ වනවිට ත් වන සතුන් දැඩි පීඩාවකට පත්ව සිටින බව ය.
වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.ඩී. රත්නායක මහතා
එක් පියවරක් වශයෙන් අපි කුඩා පොකුණුවලට ජල බවුසර් මගින් ජලය ලබා දීමත් ඒ වගේම මැණික් ගඟේ සිට කිලෝමීටර් 3,4 ක් ඇතුළට වෙන්න ජල පොම්ප මගින් ජලය ලබාදීම දැනට සිදු කරනවා. අපි හිතනවා මෝසම් වැසි සමය ඔක්තෝම්බර් මාසේ ලැබෙයි කියලා. සැප්තැම්බර් මාසේ වෙනකම් අපිට මේ ජලය ලබා දීමට සිදු වෙයි.සැප්තැම්බර් මාසේ නියගය ඉතා දරුණුවට එන්න ඉඩ තියෙනවා.ඒක නිසා අපි දැනටම යාල ජාතික උද්‍යානය සැප්තැම්බර් මස වසා තැබීම සඳහා අපි තීරණය කරලා තියෙනවා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.