Header Ads

දර්ගාවේ ගැටුම ගැන හකීම් අරාබිකරයට දුක කියයි


රවුෆ්ගේ වෙනස් ඇඳුම

පසුගියදා රාවුෆ් හකීම් අධිකරණ අමාත්‍යවරයා මැදපෙරදිග බලා පිටත්ව ගියේ මක්කම වන්දනාවේ යන බව පවසමිනි. 


සාමාන්‍යයෙන්
අමාත්‍යවරයා මක්කම බලා යාමේදී අදින්නේ කලිසම් කෝට් වුවත් මෙවර ඔහු මක්කම වන්දනා කිරීමට මෙරටින් පිටව තිබුනෙම සාම්ප්‍රදායික අරාබි ඇඳුමින් සැරසීගෙනය.


රවුෆ්ගේ ඇඳුමේ වෙනස බුද්ධි අංශයේ අවධානයට
රාවුෆ් හකීම් ගේ ඇඳුමේ වෙනස පිළිබඳව ඒ වනවිටත් රහසිගතව රජයේ ඉහල පාර්ශව වෙත තොරතුරු වාර්තාකොට තිබුණු අතර ඒ අනුව වහාම රාවුෆ් හකීම් ගේ සංචාරය පිළිබඳව අවධානයෙන් සිටීමට පියවරගෙන තිබුණි. 

මක්කම වෙනුවට O.I.C
හකීම් අමාත්‍යවරයා රහසිගතව පිටත්වගොස් තිබුනේ අරාබි රාජ්‍යය නායකන් 58 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පිහිටා ඇති ඉස්ලාමීය සහයෝගිතා සමුළුවේ ලේකම්වරයා වන අසාඩ් බෙක් අමීන් මදානි හමුවීමටය. (රාවුෆ් හකීම් සාම්ප්‍රදායික ඇඳුමින් ගුවන්තොටුපලින් පිටත්ව තිබුනද මෙම හමුවට සහභාගී වී තිබුනේ සුපුරුදු ඇඳුමිනි.)



ලේකම්වරයා හමුවූ හකීම් විසින් ලංකාවේ මුස්ලිම්වරුන්ට එරෙහිව ක්‍රියාත්මක වන්නාවූ බලවේග පිලිබඳ වාර්තාවක් සපයා ඇත. එම තොරතුරු අතර අලුත්ගම - බේරුවල ගැටුම්වලින් පසුව මුස්ලිම් ජනතාවට දිගින් දිගටම විඳින්නට සිදුවූ තාඩන පීඩන පිළිබඳවත් මෙම ගැටුම් පිටුපස බොදුබල සේනාව සිටින බවට තහවුරු වී ඇති බවත්, එසේ වී ඇති නමුත් ආණ්ඩුව බොදුබල සේනාව පාලනය කිරීම සඳහා කිසිදු පියවරක් ගෙන නොමැති බවත් පෙන්වා දී ඇත. 


මෙම හමුව පිලිබඳ වාර්තා වීමත් සමග කලබලයට පත්වූ රජය වහාම හකීම් ගොනුකළ පැමිණිල්ල පිළිබඳව සොයා බලා ඇත. ඉන් අනතුරුව ජනපතිවරයා අසාඩ් බෙක් අමීන් මදානි අමතා හකීම් සිදුකල පැමිණිල්ල අසත්‍යය එකක් බවත් පටු දේශපාලන වාසි උදෙසා ඔහු එවන් පැමිණිලි සිදුකරන බවත් දීර්ඝ වශයෙන් පැහැදිලිකොට තිබේ. එම හමුවේ ජායාරූප බලන්න පහතින්. 


මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.