Header Ads

යෙහෙළිය මරා හිස වෙන් කළ ජපන් සිසුවිය

තමන් සමග එකම පන්තියේ අධ්‍යාපනය හැදෑරූ යෙහෙළිය ඝාතනය කර ඇයගේ සිරුරේ කොටස් සිඳ දමා ඇති බවට සැක පිට ඉහළ පන්තියක ඉගනුම ලබන පහළොස් හැවිරිදි ශිෂ්‍යාවක්
ජපාන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මිය ගිය යෙහෙළියගේ සිරුර සැකකාර ශිෂ්‍යාවගේ කාමරයේ තිබී පොලිසිය සොයා ගනු ලැබීය.
පහළොස් හැවිරිදි අයිවා මට්සුඕ ඇයගේ පාසල් මිතුරිය සමග සෙනසුරාදා ක්‍රීඩා කිරීමට නිවසින් බැහැර යාමෙන් අනතුරුව, දියණිය ආපසු නිවසට නොපැමිණීම හේතුවෙන් ඇගේ මව ඒ බව පොලිසියට දැනුම්දී තිබේ.
පසු දින ඉරිදා උදෑසන සිරුර සොයා ගැනීමට හැකි වී තිබෙන්නේ ඇගේ මිතුරියගේ ඇඳ මත තිබියදීයි .
පහර දී ගෙල සිර කර ඝාතනය කර තිබූ ඇගේ සිරුරේ හිස සහ එක් අතක් කපා දමා තිබේ.පහළොස් වන වියේ පසු වන ඇයගේ යෙහෙළිය මිනීමැරුමේ වගකීම භාර ගෙන ඇති බව පැවසෙයි.මිතුරියගේ මරණය පිළිබඳ අත්අඩංගුවට පත් සිසුවිය පසුතැවීමක් නොපෙන්වන බව පොලිසිය ප්‍රකාශ කරයි.
ජපානය ලොව අවම මිනීමැරුම් සංඛ්‍යාවක් සිදු වන ඉතා සුරක්ෂිත රටක් ලෙස සැලකේ.කෙසේ වෙතත් පසුගිය විසි වසර තුල කුරිරු අන්දමින් ළමුන් විසින්ම ළමුන් ඝාතනය කිරීම් ගණනාවක් හේතුවෙන් ජපානය සසල වී සිටියි.
වසර දහයකට ඉහතදී මිනීමැරුම සිදු වූ නගරයේදීම එකොළොස් හැවිරිදි ගැහැණු ළමයකු විසින් තම පාසල් යෙහෙළියකට පිහියකින් ඇන මරා දැමීමේ සිද්ධියක් වාර්තා විය.
එක්දහස් නවසීය අනූහත වසරේ කොබේ නගරයේදී දාහතර හැවිරිදි සිසුවෙකු විසින් වයස අවුරුදු දහයක් වූ පිරිමි දරුවකුගේ හිස ගසා එය පාසල් ගේට්ටුවේ පිටතින් තබා තිබීම ජපානයේ සිදු වූ ඉතාම භයානක සිදුවීම ලෙස සැලකෙයි.
BBC
මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.