Header Ads

කොණ්ඩ කපන පෙම්වතා මිතුරන් සමඟ එක්වී පෙම්වතියට කල දේ


දූෂණය කරලා මුන්දලම උඩප්පුව ප්‍රදේශයේ තරුණයන් හය දෙනකු එකතු වී ළාබාල දැරියක දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුන්දලම පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.


දාහත් හැවිරිදි මේ දැරිය දූෂණය කර ඇත්තේ
එම දැරිය සමඟ ප්‍රේ්ම සම්බන්ධයක් ගොඩනඟා ගත් තරුණයකු ඇතුළු ඔහුගේ යහළුවන් 5 දෙනකු බවට එම දැරිය සිය මව සමඟ මුන්දලම පොලිසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා තිබේ.
ඇයගේ පෙම්වතා ප්‍රදේශයේ කරනැවෑමියකු ලෙස රැකියාවක නිරත අතර, දැරිය මීට මාසයකට පමණ ඉහතදී තම නැඟණිය සමඟ කොණ්ඩය කැපීම සඳහා මෙම සැලුන් එකට ගොස් තිබේ.



එහිදී සැකකාර තරුණයාවිසින් ඇගේ නැඟණියගේ කොණ්ඩය ප්‍රථමයෙන් කපා ඇයව එම ස්ථානයෙන් පිටත් කර ඇති බවත්, පසුව මෙම තරුණයා සැලුන් එක වසා දමා තම පෙම්වතිය වන මෙම දැරියට බියර් පොවා ඔහුගේ මිතුරන් පස් දෙනකු සමඟ එම ස්ථානයේදීම ඇය වරින් වර දූෂණයට ලක්කර ඇති බවත් පොලිසිය පවසයි.




මෙම අපරාධයට සම්බන්ධ අනෙක් තරුණයන් පිරිස එම ප්‍රදේශයේ මුහුදු රැකියාවේ නිරත පුද්ගලයන් පිරිසක් බවත්, ඔවුන් මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් පොලිසිය කීය.




අපරාධයට අදාළ සැකකරුවන් සොයා මේ වන විට මුන්දලම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි. 

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.