Header Ads

ඉරාජ්ගේ "ස්වීටි මැණිකට" සිරිමාවෝ බාලිකාවෙන් විරෝධය!



මේ දිනවල ලංකාවේ පාසැල් පුරා ක්‍රියාත්මක වන ‘පෝෂණ සතිය' වැඩ සටහන යටතේ පාසල් වලට ගොස් රග්බි ක්‍රීඩාව පිළිබඳව දැනුවත් කිරීමට හා
කාල්ටන් සුපර් සෙවන් රග්බි තරඟාවලිය ප්‍රවර්ධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කොළඹ පාසල් ගානේ ගොස් වැඩමුළු පවත්වා ඇත. 



ඒ අනුව ඊයේ දිනයේ නාමල් ඩී.එස් සේනානායක විදුහලටත්, විශාකා විද්‍යාලයටත් ඉන් අනතුරුව සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලටත් ගොස් මෙම වැඩමුළු පවත්වා තිබේ. 

නාමල් රාජපක්ෂ මෙම වැඩමුළුව සඳහා සහභාගී වී ඇත්තේ යොවුන් ගායක ඉරාජ් වීරරත්න සමගින් වන අතර එහිදී නාමල් විසින් රගර් කියාදීමත් ඉරාජ් විසින් ගීත ගයිමත් සිදුකොට තිබුණි.

ඩී.එස් සේනානායක විද්‍යාලයේ හා විශාකා විද්‍යාලයේ මෙම වැඩමුළු කිසිදු බාධාවකින් තොරව පවත්වා ඇති අතර සිරිමාවෝ විදුහලේ පවත්වා වැඩමුළුවේදී ඉරාජ් විසින් ගැයූ ගීතයකට එහි පාලනාධිකාරියෙන් විරෝධය පලවී තිබේ. 

සිරිමාවෝහිදී ඉරාජ් විසින් ගීත දෙකක් ගායනාකොට ඇති අතර ඉන් එක් ගීතයක් වන්නේ "සිංහ සෙයියාවෙන්" ගීතයයි. 

එම ගීතයෙන් අනතුරුව ඉරාජ් ගායනා කොට ඇත්තේ "ස්විටි මැණික" නම්වූ ගීතයකි. එම ගීතය ඉරාජ් ගායනා කොට ඇත්තේ වැඩමුළුවට සහභාගිවූ ළමුන්ද සමගිනි. 

කලු නෝටි කෙල්ල සුවිටි මැණික මගේ...
මං ඔන්න අවා උම්මා උම්මා ඔනේ...

නුබ නැති ජිවිතේ රස නැ නෝනේ
තුරුලට පැනපන් මගේ
පපුවම මගේ ගින්දර වගේ
මන් හරි හැන්සම් නොනේ
රොමියො ජුලියට් වගේ අපි දෙන්නා
මයෙ කළු කෙල්ලේ අදරේ දල්ලේ
උබ මගෙ පණමයි හිතුනා

එම ගීතය ළමුන් ලවා ගායනා කිරීමත් සමග එයට දැඩි විරෝධයක් විදුහල් බලධාරීන්ගෙන් එල්ලවී ඇති අතර අවසානයේ වැඩමුළුව නවත්වා එම දෙපලට විදුහලෙන් යෑමටද සිදුව තිබේ. 



ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා මේ සම්බන්ධව පලකොට තිබුනේ මෙවන් අදහසකි 


"මොකක්හරි වැඩසටහනකට ඇවිල්ලා තියෙනවා පෞද්ගලික ආයතනයක්..එත් එක්කම ඇවිත් තියෙනවා නාමල් රාජපක්ෂ සහ ගායකයෙක් වන ඉරාජ්. 

ඒ ගායකයා විසින් ගීතයක් ගයනා කරලා තියෙනවා පාසලකට විශේෂයෙන්ම ගෑණු ළමුන් ඉන්න පාසලකට නොගැලපෙන සිංදුවක්. 

ඒකට ගෑනු ළමුන්ගෙන් විරෝධය එල්ලවෙලා තියෙනවා..ඒවගේම ඔවුන් දැඩි කම්පනයට ලක්වෙලා තියෙනවා මේ සිංදුවත් එක්ක. 

ලැබිලා තියෙන තොරතුරු වලට අනුව මොවුන් අනාරාධිතව තමයි ඇවිත් තියෙන්නේ.." 

මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.