Header Ads

විවාහ කරගන්නා බවට රවටමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු කොළඹදී අත්අඩංගුවට

විවාහ කරගන්නා බවට රවටමින් කාන්තාවන් 17 දෙනෙකුගෙන් මුදල් වංචා කළ බව කියන පුද්ගලයෙකු කොළඹදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, පොලිස් ළමා හා කාන්තා කාර්යංශය විසින් ඊයේ සවස ඔහු අත්අඩංගුවට ගත් බව ය.
කාන්තාවක කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව ද පොලීසිය සඳහන්
කළේ ය.
සැකකරු ඉන්ටර්නෙට් හරහා විවාහ යෝජනාවක් ඉදිරිපත් කර දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණියන් රවටා ඔවුන් සතු මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු ලැබී තිබේ.
පොලීසිය පැවසුවේ, ඇතැම් කාන්තාවන් ලිංගික අතවරවලට ද ලක්කර ඇති බව ය.
සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහුගේ වංචාවලට ලක්වූ බවට සැක කෙරෙන තරුණියන් 17 දෙනෙකුගේ ඡායාරූප ඔහුගේ ජංගම දුරකතනයේ තිබී හමුවූ බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය.

මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.