Header Ads

ජීවය තිබිය හැකි යයි විශ්වාස කෙරෙන සුපිරි පෘථිවියක්

ජීවය තිබිය හැකි යයි විශ්වාස කෙරෙන සුපිරි පෘථිවියක් සොයාගැනීමට ජාත්‍යන්තර තාරකා විද්‍යා පර්යේෂකයින් පිරිසක් විසින් සමත්ව ඇතැයි වාර්තා වේ.
ග්ලීසෙ 832c ලෙස නම් කර ඇති මෙම ග‍්‍රහලෝකය ආලෝක වර්ෂ 16ක් ඈතින් පිහිටා ඇති අතර නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ ආචාර්ය රොබට් විට්න්මයර් ප‍්‍රමුඛ විද්‍යාඥයින් පිරිසක් විසින් මෙය සොයාගෙන ඇත.
මෙය ග්ලීසෙ 832c නම් රතු වාමන තාරකාවක් වටා පරිභ‍්‍රමණය වන අතර අප සූර්යයා මෙන් විෂ්කම්භයෙන් සහ ස්කන්ධයෙන් හරි අඩක් පමණ වන මෙම තාරකාව ගෲස් තාරකා රාශියේ පිහිටා තිබේ.
එය සතුව පවතින බ‍්‍රහස්පති වැනි යෝධ ග‍්‍රහලෝකයක් 2009දී සොයාගනු ලැබිණි. තාරකා විද්‍යාඥ ක‍්‍රිස් ටිනි පවසන්නේ පිටතින් වායු යෝධයෙකු සහ ඇතුළතින් පාෂාණ සහිත ග‍්‍රහලෝකයක් ඇති මෙම මණ්ඩලය අප සූර්ය ග‍්‍රහමණ්ඩලයේ කුඩා අනුරුවකට සමාන බවයි.
ග්ලීසෙ 832c ග‍්‍රහලෝකයේ පෘෂ්ඨීය උෂ්ණත්වය පෘථිවියට බොහෝ සෙයින් සමාන වනු ඇතැයි විශ්වාස කරන නමුත් දින 35.68කින් රතු වාමන තාරකාව වටා ගමන් කරන එහි සෘතු විපර්යාස අතිශය ශීඝ‍්‍ර වනු ඇතැයි පැවසේ.
කෙසේවෙතත් විද්‍යාඥයින් පවසන්නේ මෙම ග‍්‍රහලෝකය සතුව පවතිනු ඇතැයි සැලකෙන ඝන වායුගෝලය හේතුවෙන් එය සුපිරි පෘථිවියකට වඩා සුපිරි සිකුරු ලොවකට සමාන අධික උෂ්ණත්වයකින් සමන්විත විය හැකි බවයි.
එසේ වුවද මෙය මෙතෙක් සොයාගත් පෘථිවියට බෙහෙවින් සමාන ග‍්‍රහලෝක 3න් 1ක් බව පර්යේෂකයින් පවසා තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.