Header Ads

චීන රුවැත්තියන්ගේ ලංකා සංචාරය

ශ්‍රී ලංකාවට  චීන සංචාරකයින් ආකර්ශනය කර ගැනීමේ උපාය මාර්ගයේ කොටසක් ලෙස චීන විශ්ව රූ රැජිණ තරගයේ අවසන් වටයට සුදුසුකම් ලැබූ තරුණියන් 23 දෙනෙකු ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු යොදා තිබේ. මෙම චීන සුරූපිනියන් 23 දෙනා ලබන අගෝස්තු 25 වනදා සිට සැප්තැම්බර් 01 වනදා දක්වා ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතයි.

මෙම සුරූපිණියන්ගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව චීන මාධ්‍ය විසින් විශාල අවධානයක්
යොමුකර තිබෙන නිසා මේ තුළින් චීන ජාතිකයින්ට ලංකාවේ සංචාරය කිරීමට පෙළඹවීම මෙහි අරමුණ වේ
.
ඉකුත් වසරේදී මෙරටට චීන සංචාරකයින් 55,000 ක් පමණ පැමිණ තිබේ. මේ වනවිට එම ප්‍රමාණය 2013 වසරට සාපේක්ෂව සියයට 90 කින් පමණ ඉහළ යාම දැනටමත් කැපී පෙනේ.

චීන සුරූපිනියන් මෙරරටට රැගෙන ඒම සංවිධානය කරමින් ඒ සඳහා සත්කාරකත්වය සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් සමාගම සිදුකරයි. ඒ සඳහා පියාසර අනුග්‍රහය ලබාදෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමයි,







No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.